gossiplanka alexa ත්‍රිවිධ හමුදා කඳවුරු වලින් එන්නත්, ෆයිසර් එන්නත් මාත්‍රාත් දිවයිනට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ත්‍රිවිධ හමුදා කඳවුරු වලින් එන්නත්, ෆයිසර් එන්නත් මාත්‍රාත් දිවයිනට

forces-vaccine-pfizerස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින් ඕනෑම අයෙකුට එන්නත් ලබා දීමේ වැඩසටහනක් ත්‍රිවිධ හමුදා කඳුවුරු ආශ්‍රිතව අද සිට ආරම්භ කරනවා. ඒ අනුව ඕනෑම අයෙකුට පළමු හෝ දෙවන එන්නත් මාත්‍රාව උදෑසන 8.30ත් සවස 4.30ත් අතර කාලයේ දී එම ස්ථානවලින් ලබා ගත හැකියි. 

එසේම බස්නාහිර පළාතෙන් පිට පළාත්වල අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එනන්ත ලබා දීම ‍තෝරාගත් ත්‍රිවිධ හමුදා රෝහල් කිහිපයක දී අද සිට ආරම්භ කෙරෙනවා. එම රෝහල් වන්නේ මාතර නිල්වලා කඳවුර, ගාල්ල කො‍ටුව රෝහල, අනුරාදපුර, දියතලාව, පොළොන්නරුව, යාපනය, කිලිනොච්චිය සහ මුලතිව්හි පිහිටි හමුදා රෝහල් ය. 

මේ තර අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නතේ ලක්ෂ දෙකක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව මිල දී ගෙන ඇති අතර එයින් 26,000ක එන්නත් මාත්‍රා ප්‍රමාණයක් අද අලුයම දිවයිනට ‍රැගන ආවා. එම එන්නත් මේ වනවිට විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත ‍රැගෙන ගොස් තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu