Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොවිඩ් මර්දන එන්නත් කිහිපයක් මේ වන විට ලොව පුරා භාවිතා වීමේ වාතාවරණය යටතේ එනනත් වර්ග ගැළපීම හා මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. ඒ යටතේ පළමු කොව්ඩ් එන්නත් මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා ලබා ගත් පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබා ගැනීම ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

ස්පාඤ්ඤය, එකසත් රාජධානිය සහ ජර් මනිය යන රටවල සිදු කළ මූලික අධ්‍යයනවලින් මෙම කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ ප්‍රධානී අලෙජෙන්ද්‍රෝ ක්‍රැවියෝටෝ පවසනවා. 

එම එන්නත් මාත්‍රා දෙක මිශ්‍ර කිරීමෙන් ඒවායේ ඵලදායිතාව කෙරෙහි බලපෑමක් ඇති නොවන බව ඔවුන්ගේ නිගමනය වනවා. 

කෙසේ වෙතත් මෙසේ මිශ්‍රණ භාවිතයේ දී වඩාත් සුදුසු වන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගෙන, දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page