gossiplanka alexa ගෑස් මිල සහ විදුලි මිල වැඩි කරනවා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් මිල සහ විදුලි මිල වැඩි කරනවා ද ?

Gas and electricity price increaseනිවෙස්වල භාවිතා කරන ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් වැඩි කරන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අමාත්‍ය අනු කමි‍ටුව වෙත යෝජනා කර තිබෙනවා. ඒ ලිට්‍රෝ ගෑස් ආයතනයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 600කින් ද ලාෆ් ගෑස් සමාගමේ සිලින්ඩරයක මිල රුපියල් 70කින්ද ඉහළ දමන ලෙස යෝජනා වී තිබීම හේතුවෙන්. 

බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන්ගෙන් මෙම අනු කමි‍ටුව සමන්විත වනවා. 

කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී ප්‍රකාශකර ඇත්තේ කොරෝනා නිසා ජනතාව පීඩාවට පත්ව ඇති මෙවන් අවස්ථාවක ගෑස් මිල වැඩි නොකළ යුතු බවයි. ඒ නිසා විකල්ප ක්‍රම හඳුන්වා දෙන ලෙස අමාත්‍ය අනුකමි‍ටුව පාරිභෝගික අධිකාරියට දන්වා තිබෙනවා. 

මේ අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ කොතරම් අසීරුතා ඇති වුව ද විදුලි බිල වැඩි නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරනවා. ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ වැය බර ද වැඩි වී ඇති බව විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu