Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label astrazeneca. Show all posts

ස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත නැවතත් අපනයනය කිරීමේ කටයුතු ඉන්දියාව විසින් ආරම්භ කර තිබෙනවා. මුල් වටයේ දී එම එන්නත් මාත්‍රා මිලියනය බැඟින් නේපාලය, බංගලාදේශය සහ මියන්මාරය වෙත මෙම මස සිට අපනයනය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

පානයෙන් මෙරටට ප්‍රදානය කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හතකට අධික ප්‍රමාණයක් අද සිට ජනතාවට ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මෙසේ ගෙන්වූ එන්නත් ලබා දීමට නියමිතයි. 

ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබා ගත හැකි ස්ථාන පහත දැක්වෙනවා. 

කොවිඩ් වෛරසය මර්දනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස 'ෆයිසර්' සහ 'මොඩනා' එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන සභාවේ නිර්දේශය හිමිවී තිබෙනවා. 

කොවිඩ් මර්දන එන්නත් කිහිපයක් මේ වන විට ලොව පුරා භාවිතා වීමේ වාතාවරණය යටතේ එනනත් වර්ග ගැළපීම හා මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. ඒ යටතේ පළමු කොව්ඩ් එන්නත් මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා ලබා ගත් පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබා ගැනීම ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

ස්ට්‍රාසෙනිකා එන්නතෙහි දෙවෙනි මාත්‍රාව ලබා දීමට පෙර එම එන්නත නිසා මොළයේ රුධිරය කැටි ගැසීමක් සිදුවීමට ඉඩක් ඇත්දැයි සොයා බැලිය යුතු බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසනවා. මේ වන විටත් ඒ පිළිබඳව විද්වත් කමි‍ටුවක් මඟින් සොයා බලන ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයට දැනුම් දී ඇති බවයි රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page