gossiplanka alexa ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවන වටයේ ලබා දීම ගැන පරීක්ෂණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවන වටයේ ලබා දීම ගැන පරීක්ෂණයක්

ස්ට්‍රාසෙනිකා එන්නතෙහි දෙවෙනි මාත්‍රාව ලබා දීමට පෙර එම එන්නත නිසා මොළයේ රුධිරය කැටි ගැසීමක් සිදුවීමට ඉඩක් ඇත්දැයි සොයා බැලිය යුතු බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසනවා. මේ වන විටත් ඒ පිළිබඳව විද්වත් කමි‍ටුවක් මඟින් සොයා බලන ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයට දැනුම් දී ඇති බවයි රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ. 

යුරෝපා රටවල් කිහිපයකම එම එන්නත නිසා මොළයේ රුධිරය කැටිගැසීම් පිළිබඳ සිද්ධීන් කිහිපයක් සිදු වී ඇති නිසාත් ශ්‍රී ලංකාවේ ද සැක සහිත සිද්ධින් කිහිපයක් වාර්තා වී ඇති නිසාත් මෙම තීරණය ගත් බවයි ඇමතිවරයා වැඩි දුරටත් පවසන්නේ.

දෙවන වටයේ දී ලබා දීමට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා ලක්ෂ 3 1/2ක් වෙන් කර ඇති අතර තවත් ලක්ෂ 10ක ප්‍රමාණයක් ලැබීමට නියමිත බව ද ඇමතිවරයා පවසනවා.

විද්වත් කමි‍ටු මඟින් එන්නත ලබා දීම සුදුසු යැයි තීරණය කරන ඕනෑම වෙලාවක එන්නත ලබා දීමට සූදානම් බවයි ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටින්නේ.

මේවන විට ඩෙන්මාර්කය ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම සම්පූර්ණයෙන්ම අත් හි‍ටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu