gossiplanka alexa උත්සවයක් නිසා ඉන්දියාව දැඩි අවදානමක, ගංගා නදියෙහි දිය නෑමට මිලියන ගණන් පැමිණෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උත්සවයක් නිසා ඉන්දියාව දැඩි අවදානමක, ගංගා නදියෙහි දිය නෑමට මිලියන ගණන් පැමිණෙයි

න්දියාවේ කුම්බ්මේලා උත්සවය හේතුවෙන් එරට කොරෝනා ව්‍යාප්ත්ය ඉහළ යාමේ අවදානමක් ඇති වී තිබෙන බව ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා. 

මෙම උත්සවය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ගංගානම් ගඟ කේන්ද්‍ර කර ගනිමින් හරිද්වාර් නගරයේ යි.

කුම්බ්මේලා උත්සවයට සහභාගී වූ 50,000ට අධික පිරිසක් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කර තිබෙනවා. එයින් 1000කට අධික පිරිසකට කොරෝනා වෛරසය ආසාදිතව තිබූ බවයි අනාවරණය වී ඇත්තේ. 

ගංඟානම් ග‍ඟෙහි දිය නෑමෙන් තමන්ගේ පව් සේදී යන බව හින්දු බැතිමතුන් විශ්වාස කරනවා. මෙම කුම්බ්මේලා උත්සවයේ දී හින්දු  බැතිමතුන් ගංගා නදියෙන් ස්නානය කිරීම සිදු කරන අතර පසුගිය අඟහරුවාදා දින පමණක් මිලියන 03කට අධික පිරිසක් මෙම නදියෙන් ස්නානය කර තිබුණා

ඔවුන් විශ්වාස කරන්නේ එමඟින් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා විය හැකි බවයි.

මෙම කුම්බ්මේලා උත්සවය අප්‍රේල් 01 වනදා සිට 30 වනදා දක්වා මසක කාලයකට සීමා කර තිබුණත් වසංගත තත්ත්වයක් හමුවේ මෙවැනි උත්සවයකට අවසර ලබා දීම පිළිබඳව ඉන්දීය රජයට බොහෝ විවේචන එල්ලවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu