කොළඹ වරායේ බටහිර පර්යන්තය, කෙරවලපිටිය එල්.එම්.ජී විදුලි බලාගාරය ඇතුළු දේශීය සම්පත් හිතුවක්කාරී ලෙස විදේශිකයින්ට අඩු මුදලකට විකිණීමේ අහිතකර විපාක ඉදිරි පරම්පරාවලට ද අත් විඳීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එම නිසා මෙම ජාතික අපරාධ වහා අත් හිටුවිය යුතු බව ඔවුන් පවසා සිටිනවා.