gossiplanka alexa කොවිඩ් නිව්මෝනියා ආසාදිත බරපතල රෝගීන්ට දෙන එන්නත තවත් නැත්තේ ඇයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් නිව්මෝනියා ආසාදිත බරපතල රෝගීන්ට දෙන එන්නත තවත් නැත්තේ ඇයි ?

කොවිඩ් -19 නිව් මෝනියා රෝගී තත්ත්වයෙන් සිටින මාරාන්තික රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන නම් වූ එන්නත රජයේ රෝහල්වලින් ලබා ගැනීමට නොමැති නිසාත් විවෘත වෙළඳපොලේ එඋපියල් ලක්ෂ හතක් පමණ වැය කර එන එන්නත මිල දී ගැනීමට ආර්ථික ශක්තියක් නැති නිසාත් රෝගීන් දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. 

රාජ්‍ය ඖෂධ සංස්ථාව මෙම ඖෂධය මිල දී ගැනීම සඳහා පසුගිය අගෝස්තු 23 වන දින ප්‍රසිද්ධ මිල ගණන් කැඳවීමක් කර තිබුණා. ඒ අනුව ඉහත සඳහන් ඖෂධයේ මිලි ග්‍රෑම් 200 එන්නත් 500ක්, මිලිග්‍රෑම් 400 එන්නත් 500ක් සහ මිලිග්‍රෑම් 80 එන්නත් 200ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ බව සඳහන්. 

අගොස්තු 23 වන දින උදේ 10ට මෙම ටෙන්ඩරය විවෘත කලත් මෙතෙක් එම ටෙන්ඩරය පිළිගන්වා නැත්තේ මෙම ඖෂධයේ ප්‍රධාන සැපයුම්කරු ඖෂධය සැප්තැම්බර් මුල් දෙසතිය තුළ සපයන බවට දුන් පොරොන්දුව නිසා බවත් එම සැපයුම්කරු පොරොන්දු වූ කාලය තුළ ඖෂධය සැපයීමට ඇති අපහසුතාව පිළිබඳව ඖෂධ සංස්ථාව දැනුවත් කර ඇති බවත් තොරතුරු වාර්තා වනවා. 

ලෝක වෙළඳපොලේ මෙම එන්නතක දැන් මිල රුපියල් ලක්ෂ 5ත් 5 1/2ත් අතර වන අතර මීට මාස කිහිපයකට පෙර එම එන්නතේ මිල රුපියල් ලක්ෂයත් ලක්ෂ එක හමාරත් අතර මුදලකට පැවතුණා. ලෝක වෙළඳපොලේ මෙම එන්නතට ඇති දැඩි ඉල්ලුම නිසා එක් එන්නතක මිල ලක්ෂ 5 ත් 7ත් අතර මිලකට පත්ව තිබෙනවා. 

රජයේ රෝහල්වල මෙම එන්නත ඉතා සීමිත ප්‍රමාණයක් තිබෙන බවත් විශේෂිත අවශ්‍යතා මත ඒවා අදාළ රෝගීන්ගේ නමට ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහල්වලට සපයන බවත් ඖෂධ නිෂ්පාදන හා නියාමන සැපයීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු පවසා තිබෙනවා. නමුත් එම සීමිත ප්‍රමාණය කොතෙක්ද යන්න හෙළිදරව් කර නැහැ. 

මෙම එන්නත මුල් අවස්ථාවේ දී යොදාගනු ලැබුවේ 'ආතරයිටීස්' රෝගීන් වෙනුවෙන් වන අතර එය කොවිඩ් 19 නිව්මෝනියා රෝගී තත්ත්වයන් ඇති රෝගීන්ට භාවිතා කිරීම සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇමරිකාවේ ඖෂධ හා ආහාර අධිකාරිය නිර්දේශ කර තිබුණා. 

ආශ්‍රිත මවුබිම පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu