gossiplanka alexa කැබිනට් අමාත්‍ය බලතල සහිතව අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට??

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැබිනට් අමාත්‍ය බලතල සහිතව අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට??

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තීරණය කර තිබෙනවා. ලබන සඳුදා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට නියමිත බව සඳහන්. 

ඔහු එසේ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වන්නේ මහ බැංකු අධිපති ධූරය භාර ගැනීමට බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසුව කබ්රාල් මහතා ලබන 15 හෝ 16 වන දින මහ බැංකුවේ අධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරනු ඇති. ඒ අනුව කබ්රාල් මහතා මහබැංකුවේ 16 වන අධිපතිරවයා ලෙස පත්වනු ඇති අතර ඒ මහතා 2006 සිට 2015 දක්වා කාලයේ දීද මහ බැංකු අධිපති ධූරය හොබවනු ලැබුවා. 

ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස පත් වන්නේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ බලතල සහිතව බවයි වාර්තා සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu