Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label cabraal. Show all posts

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තීරණය කර තිබෙනවා. ලබන සඳුදා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට නියමිත බව සඳහන්. 

ඔහු එසේ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වන්නේ මහ බැංකු අධිපති ධූරය භාර ගැනීමට බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසුව කබ්රාල් මහතා ලබන 15 හෝ 16 වන දින මහ බැංකුවේ අධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරනු ඇති. ඒ අනුව කබ්රාල් මහතා මහබැංකුවේ 16 වන අධිපතිරවයා ලෙස පත්වනු ඇති අතර ඒ මහතා 2006 සිට 2015 දක්වා කාලයේ දීද මහ බැංකු අධිපති ධූරය හොබවනු ලැබුවා. 

ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස පත් වන්නේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ බලතල සහිතව බවයි වාර්තා සඳහන් කරන්නේ. 

මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව පුවත්පත් වාර්තා සඳහන් කරනවා. ඔහු මෙම ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නැවතත් මහ බැංකු අධිපති ධූරය භාරගැනීම සඳහා බව එම වාර්තාවල වැඩි දුරටත් සඳහන්. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page