gossiplanka alexa කොවිඩ් නව ප්‍රභේද බිහිවීමේ අවදානමක්, මාරාන්තික ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය වස්කඩුවේ මධ්‍යස්ථානයකින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් නව ප්‍රභේද බිහිවීමේ අවදානමක්, මාරාන්තික ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය වස්කඩුවේ මධ්‍යස්ථානයකින්

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර ගිය ඉතාමත් දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන B.1.1.7 (ඇල්ෆා) වෛරසය මෙරට සෑම තැනම පැතිර ගොස් ඇති බැවින් ජනතාව ඉතාමත්ම ප්‍රවේශම් විය  යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනතුරු අඟවනවා. 

එසේම ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික වෛරස් ප්‍රභේදයක් වන B.1.617.2 (ඩෙල්ටා) වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු ද වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයකින් හඳුනාගෙන තිබෙනවා. 

බ්‍රිතාන්‍යයේ පැතිරුණු වෛරස් ප්‍රභේදය ආසාදිතයින් මෙරට තුළින් හමුවී ඇත්තේ කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදුව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින්ය. 

මේ වනවිට ලංකාවෙන් හමුවන ආසාදිතයින් ක්‍රමයෙන් වැඩිවන බැවින් ජාන විශ්ලේෂණ පරීක්ෂණවල ධාරිතාව වැඩි කරමින් පවතින බව ජීවන්දර මහතා පවසනවා. එසේ නිරන්තර නිරීක්ෂණයන් තුළින් කොවිඩ් විකෘති ප්‍රභේද රට තුළින් හමුවනවාද යන්න පිළිබඳව කරුණු සොයා ගත හැකි බව ඒ මහතා වැඩි දුරටත් පවසනවා. 

නව ප්‍රභේද බිහිවීමේ අවදානමක් පවතින බවත් එම අවදානම තේරුම් ගැනීම මේ අවස්ථාවේ ඉතාමත්ම වැදගත් බවත් ජීවන්දර මහතා අවධාරණය කරනවා. එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරම පිළිපැඳිය යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් පවසා සිටින්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu