gossiplanka alexa ඉන්දියාවේ මාරාන්තික වෛරස් ප්‍රභේදය ලංකාවට ඒමේ දැඩි අවදානමක්, එන්නත්වලටත් ප්‍රතිචාර නොදක්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ මාරාන්තික වෛරස් ප්‍රභේදය ලංකාවට ඒමේ දැඩි අවදානමක්, එන්නත්වලටත් ප්‍රතිචාර නොදක්වයි

කුණු අප්‍රිකාවෙන් සහ එංගලන්තයෙන් හමුවූ විකෘති වෛරස් ප්‍රභේද එකට මුසු වී සෑදුණු නව මාරාන්තික වෛරසය මේ වන විට ඉන්දියාව පුරා පැතිරයමින් තිබෙනවා. මෙම වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වීමේ ඉතා දැඩි අවදානමක් පවතින බවත් ඒ පිළිබඳව වඩාත් සැලකිල්ලක් දැක්විය යුතු බවත් ඖෂධ සහ සෞඛ්‍ය කළමනාකරණ පිළිබඳ උපදේශක ආචාර්ය සන්ජේ පෙරේරා මහතා පවසනවා. 
 

ලංකාවට වඩා දහස් ගුණයකින් ඉහළ සෞඛ්‍ය පද්ධතියක් හිමි ඉන්දියාවට පවා මෙසේ ව්‍යාප්තවන මාරාන්තික වෛරස් ප්‍රභේදය හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය දරාගත නොහැකි වී ඇති බවත් එය මෙරටට ඇතුළු වුවහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට එය කිසිසේත්ම දරාගත නොහැකි වනු ඇති බවත් ආචාර්යවරයා පෙන්වා දෙනවා.

මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය ශරීරයට ඇතුළු වූ පසු සාමාන්‍ය වෛරසයකට වඩා එහි හැසිරීම් රටාව වෙනස් වන අතර එහි හානිදායක මට්ටම සහ මරණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නවා. එසේම ලෝකයේ දැනට නිපදවා ඇති කොරෝනා මර්දන එන්නත්වලට පවා මෙම වෛරසය ප්‍රතිචාර නොදක්වන අතර මෙම වෛරස් ප්‍රභේදය පළමු වරට වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් පමණි. 

මෙම මාරාන්තික වෛරසය නිසා ඉන්දියාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු බොහෝ පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට පත්ව ඇති නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය සේවකයින් ප්‍රමාණය ද අඩුවී ඇති බව ඔහු පෙන්වා දෙනවා. එසේම දෛනික ආසාදිතයින්ට සාපේක්ෂව මරණ සංඛ්‍යාව ද ඉතා ඉහළ අගයක් ගෙන තිබෙනවා. 

මුහුදු මාර්ගය හරහා ඉන්දීය සහ ලංකා ධීවර ප්‍රජාව ගනුදෙනු සිදු කරන බැවින් ඒ හරහා මෙරටට මෙම වෛරසය ඇතුළුවීමට වඩා වැඩි ඉඩක් පවතිනවා. ඒ හේතුවෙන් මෙරට ධීවරයින් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වීම මෙන්ම ඉන්දීය ධීවරයින්ට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගත යුතු බව ආචාර්ය සන්ජේ පෙරේරා මහතා පවසනවා.

එසේම සංචාරක සහ වෙළඳ කටයුතු පුළුල් කිරීමට ඉන්දියාව සහ ලංකාව අතර සැලසුම් කර ඇති කොවිඩ් ආරක්ෂිත ජීව බුබුළු මඟින් සංචාරකයන්ට හා ව්‍යාපාරිකයින්ට දෙරට අතර සංචාරය කිරීමේ කටයුතු මේ අවස්ථාවේ ආරම්භ කිරීම එතරම් හිතකර නොවන බව ඒ මහතා පෙන්වා දෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu