නැවතත් පාසැල් සඳහා සතියක නිවාඩු කාලයක්

https://www.gossiplanka.com/2020/07/school-holiday-for-election.html
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී අද (29) අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සියළුම රජයේ පාසැල්වලට නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බවයි.

අගොස්තු මස 4,5,6,සහ 7 වන දිනයන් හි දී ඒ අනුව සියළුම රජයේ පාසැල් වසා තැබෙනු ඇති.

මෙම නිවාඩුව අදාළ වන්නේ පසුගිය ජූලි 27 වන දින පාසැල් ආරම්භ වූ 11,12,සහ 13 ශ්‍රේණි සිසුන් සඳහායි.

සියළුම ශ්‍රේණි නැවත විවෘත වන්නේ අගොස්තු 10 වනදා සිටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu