gossiplanka alexa නිවාඩු ලබා දුන් රජයේ පාසැල් නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිවාඩු ලබා දුන් රජයේ පාසැල් නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය

https://www.gossiplanka.com/2020/07/reopen-school.html
කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතු‍වෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.


ඒ අනුව, ජූලි මස 27 වැනි සඳුදා දින සිට 11,12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් පාසල් ආරම්භ කරන ලද අතර, 31 සිකුරාදා දින තෙක් එම ශ්‍රේණිවල සිසුන් පමණක් පාසල් වෙත කැඳවනු  ලැබෙනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන ලෙස හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීම සහ මැතිවරණ රාජකාරී සඳහා බොහෝ ගුරුභවතුන් යොදාගැනීමත් හේතුවෙන් අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා දින සිට අගෝස්තු මස 07 වැනි දා තෙක් පාසල් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්පසු 10 වනදා සිට 1 සිට 13 දක්වා වන සියලු ම ශ්‍රේණි ආරම්භ කරන අතර සිසුන් පාසලට ගෙන්වා ගැනීම ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් තීරණය කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. 

පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු පාසල් මීටරයක ශිෂ්‍ය පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යා හැකි නම් සියලුම ශ්‍රේණිවල සිසුන්ට සුපුරුදු පරිදි අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් පවත්වාගෙන යාමට පළාත් සහ කලාප බලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ප්‍රාථමික පාසල්වල 1-5 පන්ති පැවැත්වෙන පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශ පහත පරිදි පාසල් විවෘත කිරීමට පියවර ගැනේ.


තව ද, 2020-08-10 වැනි දින සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුන් සඳහා ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ කටයුතුවලට අමතර ව, සුපරීක්ෂණ කාර්යය, පැවරුම් පරීක්ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්ෂණ කටයුතුවල වගකීම් ද පවරනු ලැබේ. ප.ව. 3.30 දක්වා කාලසටහන් හිමි ගුරුවරුන් හැර අනෙකුත් සියලු ම ගුරුභවතුන්ගේ රාජකාරී වේලාව පෙ.ව. 7.30 සිට ප.ව 1.30 දක්වා වේ.

පවත්නා තත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තුරු පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙස ද, පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දි තිබේ. එමෙන් ම සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති උපදෙස් හා මගපෙන්වීම් නිසියාකාර ව පිළිපදිමින් නිරෝගී පාසල් පරිසරයක් පවත්වාගෙන යාම කෙරෙහි සමස්ත පාසල් ප්‍රජාවගේ අවධානය යොමු කරවන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.





Source : Ministry of Education Facebook Page
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu