gossiplanka alexa රාජ්‍ය සේවකයින්ට සහ ඡන්ද අපේක්ෂකයින්ට ජනාධිපතිවරයාගෙන් දැඩි නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය සේවකයින්ට සහ ඡන්ද අපේක්ෂකයින්ට ජනාධිපතිවරයාගෙන් දැඩි නියෝගයක්

https://www.gossiplanka.com/2020/07/president-advice-to-government-service.html
ළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා තමන්ගේ ඡායාරූප භාවිතා නොකරන ලෙස ජනාධිපතිතුමන් සියළු අපේක්ෂයින්ට නියෝගකර තිබෙනවා. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බව ද දන්වා තිබෙනවා.

මෙවර මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිතුමාගේ ඡායාරූපය භාවිත කරන බවටත් යුධ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගන්නා බවටත් විවිධ පත්වීම් ලබාදෙන බව  ප්‍රකාශ කරන බවටත් තොරතුරු වාර්තා වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සියලු ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ සෙසු අංශ ප්‍රධානීන් වෙත ඊයේ (01) යැවූ ලිපියක සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිතුමාගේ ඡායාරූපය භාවිත නොකරන ලෙසත් රාජ්‍ය සේවකයන්ට දේශපාලනය නොකරන ලෙසත් තරයේ උපදෙස් දෙන්නැයි ජනාධිපතිවරයා ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

සියලු රාජ්‍ය සේවකයන් මේ උපදෙස් පිළිපදින බවට වගබලා ගන්නැයි ජනාධිපති ලේකම්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිටද පිටපතක් සහිතව, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු ආයතන ප්‍රධානීන් වෙත යැවු ලිපියෙන් කියා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu