gossiplanka alexa හෝමාගමින් මතුවන පාතාල සමාජිකයින්ගේ මහා පරිමාණ අවි ආයුධ ගබඩා - මහ විනාශයක සුල මුල හෙළිවන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෝමාගමින් මතුවන පාතාල සමාජිකයින්ගේ මහා පරිමාණ අවි ආයුධ ගබඩා - මහ විනාශයක සුල මුල හෙළිවන ලකුණු

https://www.gossiplanka.com/2020/07/homagama-weapon.html
හෝමාගම පිටිපන ප්‍රදේශයේ තිබී සොයා ගත් ගිනි අවි සමඟ අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩි දුර ප්‍රශ්න කිරීමේ හෙළි වූ කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ දී අතුරුගිරිය ප්‍රදේශයේ දී සිදු කළ පරීක්ෂාවක දී ටී 56 ගිනිඅවියක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුගෙන් ලද තොරතුරක් මත අද (02) අළුයම තවත් පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි සමඟ  උපරණ රැසක් අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන්ට හැකිවී තිබෙනවා. ඒ හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම නිවස පරීක්ෂා කිරීමේ දී අත්බෝම්බ 4ක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝලයක්, ඩෙටනේටර් 2ක්,එයාර් රයිෆල් අවියක් එම උණ්ඩ 600ක්  , රිපිටර් උණ්ඩ 10ක්, අත් විලංගු ජෝඩුවක්, සහ ඩී.වී.ඩී.ප්ලේයර් 3ක්  අත් අඩංගුවට ගෙන තිබෙනවා.

තව ද හෝමාගම, පිටිපන උතුර ප‍්‍රදේශයේ සිල්වස්ටන් වත්ත, 4 වන පටුමගේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි රහස් කුටියක තිබී රිපිටර් වර්ගයේ ගිනිඅවියක්, එම සජීව උණ්ඩ 04 ක්, මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ 77 ක්, අත්බෝම්බ 7 ක්, වෙඩි නොවදින ඇඳුම් 02 ක් සහ හදුනා නොගත් උණ්ඩ 04 ක් සොයා ගෙන තිබෙනවා.

මෙම නිවසේ ‍රැඳී සිටි කාන්තාව ද අත් අඩංගුවට ගෙන ඇති අතර එම කාන්තාව පසුගිය 29 වනදා අත් අඩංගුවට ගත්  හෝමාගම, පිටිපන නගරයේ පෞද්ගලික සමාගමකට අයත් තට්ටු 5 ක ගොඩනැගිල්ලේ හිමිකරුගේ අනියම් බිරිද බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔහු විසින් 2013 වසරේ දී මෙම නිවස ලක්ෂ 50කට මිලදී ගෙන මෙම කාන්තාව එහි පදිංචි කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී ඇය පවසා ඇත්තේ තමන් මෙම රහස් කුටිය පිළිබඳ කිසිත් නොදන්නා බවයි. අදාළ කාන්තාවට නිවස ලබා දීමට පෙර මෙම රහස් කුටිය ඉදිකර අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය තැන්පත් කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා. එම කාන්තාව සමඟ ඇයගේ සොහොයුරියගේ දරුවන් දෙදෙනෙක් ද මෙම නිවසේ ‍රැඳී තිබෙන බව ආරංචි මාර්ගවල සඳහන්.

මෙම අවි ආයුධ අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරකට අයත් බවයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu