gossiplanka alexa ධාවන කළ නොහැකි කෝටි 1600ක් වටිනා දුම්රිය මැදිරි ඉන්දියාවෙන් ගෙන්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ධාවන කළ නොහැකි කෝටි 1600ක් වටිනා දුම්රිය මැදිරි ඉන්දියාවෙන් ගෙන්වයි

ඉන්දියාවෙන් මෙරටට ගෙන් වූ දුම්රිය මැදිරි 120ක් ධාවනයට එක් කිරීමට නුසුදුසු තත්ත්වයේ තිබියදී නැවතත් එම වර්ගයේම මැදිරි 40ක් මෙරටට ගෙන්වා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මැදිරි 160ක් ගෙන්වීමට සැලසුම් කර තිබූ බවත් පසුගිය වසරේ ජනවාරි මස එයින් මැදිරි 120ක් මෙරටට ගෙන්වූ බවත් මෙම මැදිරි දුම්රිය අංගණවල ගාල් කර තිබෙන බවත් එම සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පවසා තිබෙනවා. මෙසේ ගෙන්වූ මැදිරිවල දෝෂ පවතින නිසා එම දෝෂ ඉවත් කර ඉතිරි මැදිරි 40 මෙරටට ‍රැගෙන එන ලෙස  වෘත්තීය සමිති දුම්රිය බලධාරීන්ට ඉල්ලීමක් ද කර තිබුණා.

ඒ කිසිවක් සිදු නොකර මෙලෙස පෙර පරිදිම දෝෂ සහිත මැදිරි 40ක් ගෙන්වා තිබෙන බවයි එස්.පී. විතානගේ මහතා සඳහන් කරන්නේ. ධාවනයට ද එක් කළ නොහැකි මෙම දුම්රිය මැදිරි 160 වටිනාකම රුපියල් කෝටි එක්දහස්  හයසියකට අධික බව පැවසෙනවා. 

අළුතින් ගෙන්වූ මැදිරිවලින් 20ක් මාර්තු 19 වන දා කොළඹ වරායට ‍රැගෙන විත් තිබුණ ද ඒවා වරායෙන් මුදවාගෙන දුම්රිය අංගණවලට ‍රැගෙන යාමට කටයුතු කර නොමැති බැවින් දිනකට රඳවාතබා ගැනීමේ ගාස්තු ලෙස විශාල මුදලක් වරායට ගෙවීමට සිදුවන බවයි ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu