gossiplanka alexa ඉන්දියාවෙන් ඍජුවම ඉන්ධන ලබා ගැනීමට අවසර, විදුලිය කපනවාද නැද්ද පිළිබඳ අද තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවෙන් ඍජුවම ඉන්ධන ලබා ගැනීමට අවසර, විදුලිය කපනවාද නැද්ද පිළිබඳ අද තීරණයක්

විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීම වෙනුවට ඍජුවම ඉන්දියාවෙන් ඩීසල් සහ දැවි තෙල් මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට අවසරය හිමිව තිබෙනවා.  මීට පෙර විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත් ඩීසල් සහ දැවිතෙල් සඳහා ගෙවිය යුතු මුදල් බලශක්ති අමාත්‍යංශය වෙත මෙතෙක් නොගෙවීම හේතුවෙන් ගැටළුවක් පැන නැගී තිබෙනවා. ඉන්ධන ලබා දීමට නම් ඩොලර් ලබා දිය යුතු බවයි බලශක්ති අමාත්‍යාංශය දිගින් දිගටම පවසා සිටියේ. 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති හිඟමුදල් වෙනුවෙන් රුපියල් බිලියන 93ක් විදුලිබල මණ්ඩලයට ලබා දෙන ලෙස ඊයේ (24) ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව මෙට්ට්‍රික් ටොන් සියයක දැවි තෙල් සපුගස්කන්ද බලාගාරයට ඊයේ සවස ලබා දීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පියවර ගත්තා. 

මේ අතර, ලැබුණු අවසරය අනුව ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 500 ක් ඉන්දියාවෙන් ඍජුවම ආනයනය කිරීමට කටයුතු සලසා ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසා තිබෙනවා. එසේම අද දිනයේ සිට පෙබරවාරි 04 වනදා දක්වා අදියර 03 ක් යටතේ පැය දෙකේ සිට පැය නවයක් දක්වා දෛනික විදුලි කප්පාදුවකට අවසර ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා. 

ඒ අනුව, විදුලිය කපා හරිනවාද නැද්ද යන්න පිළිබඳව අද (25) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu