gossiplanka alexa රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම පිළිබඳව දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම පිළිබඳව දැනුම් දීමක්

හෙට සිට රාජ්‍ය සේවයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. 

ඒ අනුව හෙට සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතුයි. කොවිඩ් වසංගත තත්ත්වයහමුවේ රාජ්‍ය සේවකයින් නිවසේ සිට සේවා කටයුතු කිරීම සිදු කල අතර අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවනු ලැබුවා. 

හෙට සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමත් සමඟම සියළුම සේවකයින් සේවයට වාර්තා කළ යුතු වනවා. හෙට උදෑසන සෑම කාර්යාලයකම ජාතික ධජය ඔසවා, ජාතික ගීය වාදනය කර රාජ්‍ය සේවා දිවුරුම ලබා දී රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. එසේම වෛද්‍යවරයෙකුගේ දේශනයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුත් කිරීමක් සිදුවනු ඇති.

මේ අතර නව පාසැල් වාරය ද හෙටින් ආරම්භ වනවා. පාසැල් සඳහා සිසුන් කැඳවනු ලබන්නේ කාණ්ඩ වශයෙන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu