gossiplanka alexa අමෙරිකානු සංවිධානයකින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකානු සංවිධානයකින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිරීක්ෂණය නොවන අයුරින් වීසා ලබාගෙන මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති සඳහා නිලධාරීන් පැමිණෙන බව විමර්ශන වලින් අනාවරණය කර ගෙන තිබුණා. ඒ පසුගිය රජය කාලයේ දී අධිකරණ අමාත්‍යාංශය සමග ඇතිකරගත් එකඟතාවයක් පදනම් කරගමින්. 

ඒ අනුව ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමෙරිකානු කාර්යාංශයේ (USAID) මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරම් සඳහා පැමිණි අමෙරිකානු නිලධාරිවරයෙකුට මීට මාස කිහිපයකට පෙර වීසා දීර්ඝ නොකර රටින් පිටව යාමට උපදෙස් දී තිබුණා. ඒ Mark Birnboum  නමැති ඇමරිකානු හමුදා නිලධාරියා ලංකාවට පැමිණීමට පෙර රාජ්‍ය යාන්ත්‍රණය අවුල් සහගත තත්ත්වයට පත් කරමින් මියන්මාරයේ සේවය කර ඇති බව සහ මොහු සමග ඇමරිකානු හමුදාවේ සේවය කළ නිලධාරීන් කිහිපදෙනකුම රහසිගතව මෙරටට ඇතුළු වී ඇති බව ඉහළ පෙළේ විමර්ශනවල දී අනාවරණය වීමත් සමඟයි. මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රාජා ගුණරත්න මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලක් මතයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමෙරිකානු කාර්යාංශය විසින්  ශ්‍රී ලංකා රජයට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමෙරිකානු කාර්යාංශයේ (USAID) මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති සඳහා එවන නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් ගැන අධීක්ෂණය කරන්නට ගියහොත් මෙරටට ලබා දෙන ආධාර නවතා දමන බව ප්‍රකාශ කරමින්. එම සංවිධානය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනතුරු අඟවමින් පවසා ඇත්තේ එම කටයුතුවල නිරතවන ඇමරිකානුවන් පිළිබඳව ආරක්ෂක අංශ මගින් සොයා බැලීම් වහාම නවතා දමන ලෙසයි. 

මේ හේතූන් නිසා රාජ්‍ය ත්‍රාන්තික බලපෑමක් සහිතව ඉහත නිලධාරියාගේ වීසා කාලය වසරකට දීර්ඝ කරගැනීම පසුගිය සතියේ කටයුතු කර තිබෙනවා. මෙම නිලධාරියාට තවදුරටත් මෙරට ‍රැඳී සිටීමට නම් කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ කිසිවක් ඉ‍ටු නොකර රාජ්‍ය තාන්ත්‍රික බලපෑම මත මෙසේ වීසා කාලය දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu