gossiplanka alexa නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවක් නිකුත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවක් නිකුත් කෙරේ

අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. 

ආපනශාලා, වෙළෙඳසැල්, ඖෂධ අලෙවිසැල්, සුපිරි වෙළෙඳසැල් සඳහා වරකට ඇතුලත් කර ගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව එහි ධාරිතාවයෙන් 50% යි. 

විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිවනවා. එළිමහන් ස්ථානවල මංගල උත්සව පැවැත්වීමට හැකි තරම් කටයුතු කරන ලෙස දන්වා තිබෙනවා. 

පෞද්ගලික සාද පැවැත්වීමේ දී උත්සවශාලා ධාරිතාවයෙන් 50%ක ප්‍රමාණයක් සහ නිවසක නම් පුද්ගලයින් 10 දෙනෙකුට අවසර හිමිවනවා. 

පොදු ප්‍රවාහන මාධ්‍ය තුළ ආසන සංඛ්‍යාව අනුව මගීන් ‍රැගෙන යා යුතුයි. වායු සමීකරණය කල වාහන මගී ප්‍රවාහනය කිරීමේ දී වා කවුළු විවෘත කිරීමට පියවර ගත යුතුයි.

අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් ජනතාව වැළකී සිටිය යුතු අතර සේවා ස්ථාන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු පවත්වා ගෙන යා යුතුයි. 

නැවත දැනුම් දෙන තුරු මහජන ඒකරාශීවීම්, ‍රැස්වීම් ආදිය තහනම් වේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu