gossiplanka alexa ප්‍රේම දඩයමේ ශිවන්‍යා සොයා නිවසින් පලා ගිය ලංකාවේ දැරියන් තිදෙනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රේම දඩයමේ ශිවන්‍යා සොයා නිවසින් පලා ගිය ලංකාවේ දැරියන් තිදෙනා

මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වන "ප්‍රේම දඩයම" නැමති ඉන්දියානු ටෙලි නාට්‍ය නැරඹීමට දැඩිව ඇබ්බැහි වීම නිසා දැරියන් තිදෙනෙක් අවදානකට ලක් වූ පුවතක් හොරොව්පතාන ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

වයස අවුරුදු 13,11, සහ 07 යන වයස් කාණ්ඩවල පසුවන මෙම දැරියන් තිදෙනා ඥාතීන් වන අතර ඔවුන්ට "ප්‍රේම දඩයම" ටෙලිනාට්‍යයේ සිටින ජනප්‍රිය නිළියන් තිදෙනෙකු සියැසින් දැකබලා ගැනීමේ ආශාව ඇතිව තිබෙනවා. ඒ නිසා ඔවුන් තිදෙනා කිසිවෙකුටවත් නොදන්වා ඉන්දියාවට යන අරමුණින් නිවසින් පලා ගොස් ඇත්තේ පසුගිය 31 වනදා උදෑසන 4ට පමණයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ යාපනය බලා ගොස් එතනින් ඉන්දියාවට යාමට බව පොලීසිය පවසනවා. 

නිවසින් පැමිණි මොවුන් තිදෙනා හොරොව්පතානට පැමිණ යාපනය බලා යන බස් රියක නැග ඇති අතර ඔවුන්  උදෑසන 6ට පමණ කැබිතිගොලලෑවෙන් බසයෙන් බැස තිබෙනවා. පසුව ඔවුන් වෙනත් බසයකට නැග තිබුණත් යාපනයට යාම සඳහා අවශ්‍ය මාර්ගයන් පිළිබඳව අවබෝධයක් නොමැතිකමින් නැවතත් ඔවුන් කහටගස්දිගිලිය හරහා හොරොව්පතානට පැමිණ ඇති බවයි පොලීසිය පවසන්නේ. 

දැරියන්ගේ අතුරුදන්වීම පිළිබඳව ඒ වන විටත් හොරොව්පතාන පොලිසීයට ඔවුන්ගේ දෙමව්පියන් විසින් පැමිණිල්ලක් සිදු කර තිබූ නිසා දැරියන් ආරක්ෂිතව සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා. නිවසින් පැන යාමේ දී ඔවුන් තිදෙනාම සතුව තිබී ඇත්තේ රුපියල් 1200ක පමණ මුදලක් බවයි පොලීසිය පවසන්නේ. 

ප්‍රේම දඩයම ටෙලි නාට්‍ය නැරඹීමට දැඩිව ඇබ්බැහි වී සිටි මෙම දැරියන් තිදෙනා එම නාට්‍යයේ ශිවන්‍යා, මේලා සහ ශේෂා යන චරිත රඟපාන නිළියන් තිදෙනා දැක ගැනීමට දැඩි ආශාවකින් පසුවී තිබෙනවා. දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා ඇත්තේ මෙම දැරියන් රූපවාහිනියෙන් ඉතා ඕනෑකමින් මෙම නාට්‍ය නරඹන බවත් ඊට අමතරව ජංගම දුරකතනය හරහා ද එම නාට්‍ය නරඹන බවත් ය. ඔවුන් ඉන්දියාව බලා යාමට උත්සාහ කර ඇත්තේ කිසිදු අනුදැනුමකින් සහ අවබෝධයකින් තොරව බවයි පොලීසිය පවසන්නේ. 

පොලීසිය දරුවන්ගේ දෙමව්පියන්ට දැඩිව අවවාද කර ඇති අතර දරුවන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් දක්වන ලෙස ද උපදෙස් දී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu