gossiplanka alexa වාහන, දුම්වැටි සහ මත්පැන් වැට් බද්දෙන් නිදහස් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වාහන, දුම්වැටි සහ මත්පැන් වැට් බද්දෙන් නිදහස් ?

මෙරට බදු ක්‍රමයේ වෙනස්කම් ‍රැසක් සිදුවන පනත් කෙ‍ටුම්පත් දෙකක් අද(03) ‍රැස්වන කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින්. එසේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පැනවීම පිළිබඳ පනත් කෙටුම්පත සහ 2002 අංක 14 දරන එකතු කළ අගය(VAT) මත බදු පනත සඳහා සංශෝධන නමැති පනත් කෙ‍ටුම්පතයි. 

එම පනත් කෙ‍ටුම්පත්වල

  • සියලුම වාහන, දුම්වැටි සහ මත්පැන් යන කාණ්ඩයන් එකතු කළ අගය මත බද්දෙන් (වැට් බද්දෙන්) නිදහස් කිරීම
  • මෙතෙක් කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කරන ලද සමස්ත බදු මුදලින් 25%කට ආසන්න ප්‍රමාණයක් රැස්කිරීමේ බලය මහා භාණ්ඩාගාරයට පැවැරීම
  • 2022 ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බද්ද (වැට් බද්ද) දැනට පවතින 15% සිට 18% දක්වා ඉහළ දැමීම.
  • විශේෂ භාණ්ඩ හා සේවා බද්දෙහි ප්‍රමාණය, එය ගණනය කරනු ලබන පදනම මෙන්ම බදු නිදහස ලබාදීම යන සියලුම බලතලද මුදල් ඇමැතිවරයාට ලබාදීම.
  • සෞඛ්‍ය අංශ වෙත ලැබෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ ඇතුළු පරිත්‍යාග වැට් බද්දෙන් නිදහස් කිරීම.

යන කරුණු යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu