gossiplanka alexa නිත්‍යානුකූල නොවන අයුරින් පත් වූ ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට තනතුර අහිමි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිත්‍යානුකූල නොවන අයුරින් පත් වූ ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට තනතුර අහිමි වෙයි

විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා එම ධූරයෙන් වහාම ඉවත් කර එම ධූරයට ආචාර්ය රොහාන්ත අබේසේකර පත් කර තිබෙනවා. සුසන්ත පෙරේරා වැඩ බලන සමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ දැඩි විරෝධය පළ වුණා.

එම පත් කිරීම අත්තනෝමතික ලෙස නිසි ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදු වූවක් බවයි එම සංගමය පැවසුවේ. සුසන්ත පෙරේරා යුගදනව් ගිවිසුමේ සාක්ෂිකාරයෙක් ලෙස අත්සන් කල දෙදෙනාගෙන් කෙනෙකි. එසේම අධිකරණයේ විභාගවන නඩු දෙකකට ඇප මත නිදහස්ව සිටින අයකු බව ද එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. සුසන්ත පෙරේරා වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය දැවැන්ත විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට ද අවතීර්ණ වී සිටියා. 

මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල ‍රැස්වීමක් පසුගිය 24 වනදා කැඳවා තිබූ අතර මෙම නීත්‍යානුකූල නොවන පත්වීම අහෝසිකර ඒ සඳහා අචාර්ය රොහාන්ත අබේසේකර පත් කිරීමට එහිදී තීරණය වුණා. එසේම නීත්‍යානුකූල ලෙසට මෙම පත් කිරීම සිදුකරන ලෙස දන්වමින් ජනාධිපතිවරයා ද මෙම ගැටළුවට මැදිහත් වී තිබුණා. 

නව පත්වීම ලද අචාර්ය රොහාන්ත අබේසේකර දැනට ලංකා විදුලිබල මණ්ඩලයේ සිටින ජ්‍යෙෂ්ඨතම විදුලි ඉංජිනේරුවරයා බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu