gossiplanka alexa ආහාර උද්ධමනය පවතින රටවලින් ලංකාවට හිමිවූ ස්ථානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආහාර උද්ධමනය පවතින රටවලින් ලංකාවට හිමිවූ ස්ථානය

ආහාර උද්ධමනය පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 12 වන ස්ථානයට පත්ව තිබෙනවා.  Trading Economics වෙබ් අඩවිය මේ බව සඳහන් කරනවා. ආහාර උද්ධමනය ඉහළම ප්‍රථම රටවල් තුන වන්නේ වෙනිසියුලාව, ලෙබනනය සහ සුරිනාම්ය. 

එසේම ඉහළම ආහාර උද්ධමනය සහිත දකුණු ආසියාතික රටවලින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානය ගෙන තිබෙනවා. පකිස්තානය ලංකාවට වඩා ඉහළ උද්ධමනයක් ඇති රටක් වන අතර ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, මාලදිවයින යන සෑම රටකම පවතින්නේ අඩු උද්ධමයක් බව එහි පෙන්වා දී තිබෙනවා. 

2021 නොවැම්බර් මාසයේ දී මෙරට අහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 16.9%ක් වූ අතර එය 2021 දෙසැම්බර් මාසය වන විට 21.5% දක්වා ඉහළ ගොස් තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා තිබෙනවා.

තත්ත්වය මෙසේ තිබිය දී රටේ සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු කිලෝ දස දහස් ගණන් අලෙවිකරගත නොහැකිව ඉතිරිවන බව ඒවායේ කළමණාකරුවන් පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu