gossiplanka alexa ඔබත් "බයිසිකල් පචයාගෙන්" යතුරුපැදි මිලදී ගත්තා ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔබත් "බයිසිකල් පචයාගෙන්" යතුරුපැදි මිලදී ගත්තා ද?

මහාමාර්ගවල නවතා ඇති යතුරුපැදි සොරාගෙන ඉතා සූක්ෂම අකාරයෙන් නැවත විකුණන ජාවාරම් කරුවෙකු වූ "බයිසිකල් පචයා" නැමති පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පොලිසීය සමත්වී තිබෙනවා.

මෙම පුද්ගලයා මහාමාර්ගවල, සංගීත සංදර්ශනවල, උත්සව අවස්ථාවල, විහාරස්ථානවල ආදී ස්ථානවල නවතා ඇති යතුරුපැදි සොරාගෙන ඒවායේ එන්ජින් අංකා සහ චැසි අංක වෙනස් කර මෙම ජාවාරම සිදුකර තිබෙනවා. මෙසේ අංක වෙනස්කරන ලද යතුරු පැදි සමාජ ජාලා වෙබ් අඩවි වල දැන්වීම් ලෙස පළ කර ඒවා එක් එක් පුද්ගලයින්ට විකුණා ඇති බවයි පොලීසිය අනාවරණය කර ගෙන ඇත්තේ. 

අවුරුදු තුනක් පමණ තිස්සේ සිදුකර ඇති මෙම ජාවාරම හරහා විශාල යතුරු පැදි ප්‍රමාණයක් විකුණා ඇති බවයි පොලීසිය පවසන්නේ. විකුණූ යතුරුපැදි සංඛ්‍යාව පිළිබඳව ජාවාරම්කරුට ද අමතක බව වාර්තා වනවා. 

මෙම ජාවාරම්කරු සොරාගත් යතුරුපැදියක් සමඟ අත් අඩංගුවට ගෙන ඇත්තේ බඩල්ගම ප්‍රදේශයේ දීය. එම යතුරුපැදිය මාරවිල පොලිස් වසමේ ලුණුවිල ප්‍රදේශයේ දී මාර්ගයක නතර කර තිබූ යතුරු පැදියක් බවයි පරීක්ෂණ මඟින් අනාවරණය කරගෙන ඇත්තේ. 

සොරාගත් යතුරුපැදිය තමන්  ‍රැඳී සිටි ස්ථානයට ගෙන ගොස් එහි චැසි අංකය සහ එංජින් අංකය වෙනස්කොට ඊට ව්‍යාජ අංක තහඩුවක් ද සකස් කර තිබුණා. මොහු එම යතුරුපැදිය ‍රැගෙන බඩල්ගම නගරයට පැමිණ ඇත්තේ එම යතුරුපැදියේ විස්තර සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියට පල කිරීමෙන් පසු දැන හඳුනාගත් අයකුට විකිණීමට බවයි වාර්තා වන්නේ. 

ජාවාරම්කරු විසින් කොපමණ යතුරුපැදි ප්‍රමාණයක් සොරාගෙන ඇත්දැයි සහ ඒවා අලෙවි කළ පුද්ගලයින් සොයා ගැනීමට සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu