gossiplanka alexa ඔමික්‍රෝන්, ඩෙල්ටා ප්‍රභේද දෙකම රටපුරා, IDH ධාරිතාව ඉක්මවා යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන්, ඩෙල්ටා ප්‍රභේද දෙකම රටපුරා, IDH ධාරිතාව ඉක්මවා යයි

කොවිඩ් වෛරසය ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ඉදිරියේ දී අභියෝගයක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මේ වන විට හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 50%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින් බව ඔහු පවසනවා. 

මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්ට ආසාදනය වුවහොත් සංකූලතා වැඩිවීම සහ මරණයට පත්වීමේ ඉඩ කඩ වැඩි බව ඔහු අවධාරණය කර සිටිනවා. එසේම ඔමික්‍රෝන් ආසාදිතයින් මෙන්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් ද බහුලව හමුවන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ. ඒ හේතුව නිසා තත්ත්වය තවත් භයානක වී  තිබෙනවා. 

මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) ධාරිතාව ඉක්මවා යමින් පවතින බව එහි අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරනවා. දැඩි සත්කාර ඒකකයට සහ ඔක්සිජන් අවශ්‍යතාවය ඇතිවන රෝගීන් ගේ සංඛ්‍යාව ඉතා ඉහළ ගොස් තිබෙන බවයි අධ්‍යක්ෂකවරයා පවසන්නේ. විශාල රෝගීන් සංඛ්‍යාවක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ඉදිරි සති දෙක ඇතුළත හමුවිය හැකි බවයි අධ්‍යක්ෂකවරයා අනතුරු අඟවා සිටින්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu