gossiplanka alexa අදත් තද වැසි, අරණායකට පස්සරට රතු නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අදත් තද වැසි, අරණායකට පස්සරට රතු නිවේදනයක්

ඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවා ගිය වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. 

ගිසුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා. 

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් තද වැසි හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ පිළිබඳව දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයටයි. එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයටත් නායයෑමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

weather report and landslides warningweather report and landslides warning
weather report and landslides warning
weather report and landslides warning
weather report and landslides warning
weather report and landslides warning














ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu