gossiplanka alexa විමල්,වාසුදේව, ගම්මන්පිලට එරෙහිව ආණ්ඩුපක්ෂ පසුපෙල මන්ත්‍රීන් සාකච්ඡාවක ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විමල්,වාසුදේව, ගම්මන්පිලට එරෙහිව ආණ්ඩුපක්ෂ පසුපෙල මන්ත්‍රීන් සාකච්ඡාවක ?

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පක්ෂය යෝජනා කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. පසුගියදා මහජන සභාවක් කැඳවා ඔවුන් කල ප්‍රකාශ ගැන කණගා‍ටුවන බව ගාමිණී ලොකුගේ ඇමතිවරයා පවසනවා. 

මේ අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන් කැබිනට් සාමුහිකත්වය බිඳිමින් කැබිනට් තීරණයක් ප්‍රසිද්ධියේ විවේචනය කළ නිසා ඔවුන් එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් සාකච්ඡාවක් පවත්වන බව ආරංචි මාර්ග පවසනවා. 

ජනාධිපතිවරයා දැනට නිරතවන යුරෝපා සංචාරය නිමවා මෙරටට පැමිණීමෙන් පසුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි පැවසෙන්නේ. 

ඇමරිකානු සමාගමකට මෙරට සැපයුම් ඒකාධිකාරය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව මහජන මන්ත්‍රන සභාවක් ආණ්ඩු පක්ෂ 11ක සහභාගීත්වයෙන් පසුගිය 29 වන දින පැවැත්වීමෙන් පසු ආණ්ඩු පක්ෂය තුල මෙලෙස අභ්‍යන්තර ගැටළු මතුව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu