gossiplanka alexa අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගන්නේ කෙසේ ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගන්නේ කෙසේ ද ?

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායමට පරාජය වීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඈතට ගොස් තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව ‍රැඳී ඇත්තේ අනෙක් කණ්ඩායම්වල ජය පරාජයන් මතයි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට තේරී පත් වීමට නම් එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ දෙකම ජයගත යුතු වනවා. ඒ දළ ලකුණු වේගය නොමැතිව  අවසන් පූර්ව වටයට පිවිසීමටයි. 

ඊට අමතරව සෙසු කණ්ඩායම්වල ජයග්‍රහණ ද එයට බලපාන අතර එංගලන්තය අනිවාර්යයෙන්ම දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කළයුතුවනවා. එසේම ඕස්ට්‍රේලියා කණ්ඩායම, බංගලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ තරඟ කිරීමේ දී එම තරඟ දෙකම පරාජයට පත් විය යුතුයි. එසේම බංගලාදේශය අනිවාර්යයයෙන්ම දකුණු අප්‍රිකාව පරාජයට පත් කළ යුතු වනවා. අනෙක් කණ්ඩායම්වල තරඟ ජයග්‍රහණ මේ ආකාරයෙන් සිදුවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට දළ ලකුණු වේගයක් නොමැතිව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu