gossiplanka alexa මහේල ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහේල ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට

ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයින් ලැයිස්තුවට හෙවත් ICC Hall of Fame ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මෙන්ම වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන ඇතුළත් කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටිනවා. එය 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සමගාමීව සිදු කර තිබීම ද විශේෂත්වයක්. 

මහේලට අමතරව දකුණු අප්‍රිකානු හිටපු නායක සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් පොලොක් ද හිටපු එංගලන්ත ක්‍රීඩිකාවක වන හැනට් බ්‍රිට්නි ද මෙම ක්‍රීඩක ලැයිස්තුවට එක් කර තිබුණා. මීට පෙර ලොව විශිෂ්ටතම ක්‍රීඩක ලැයිස්තුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇතුලත් කර තිබුණේ මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාරයි. 

ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 5කට අදාළ ක්‍රීඩකයින් දෙදෙනා බැඟින් මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට ICCය කටයුතු කර තිබුණා. 1918ට පෙර කාලය, 1918-1945 කාලය, 1946-1970 කාලය, 1996-2016 කාලයට අදාළව මෙම ICC Hall of Fame ලැයිස්තුවට ක්‍රීඩකයින් ඇතුළත් කර තිබෙනවා.  


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu