gossiplanka alexa සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ නවතී, තෙල් අර්බුදයක් ඇති වීමේ ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ නවතී, තෙල් අර්බුදයක් ඇති වීමේ ලකුණු

තිහාසයේ ප්‍රථම වතාවට අද (15) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නැවැත්වීමට සිදුවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර සිටිනවා. එය එසේ සිදු වී ඇත්තේ බොරතෙල් හිඟයක් නිසා නොව බලශක්ති අමාත්‍යවරයා තමන්ගේ කාර්යය නිසි ලෙස ඉ‍ටු නොකිරීම නිසා බවයි ඔවුන් පවසා ඇත්තේ. 

"දිනකට මෙට්‍රික් ටොන් 6500ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් පිරිපහදු කරනවා. ඒ අනුව තෙල් පිරිපහදුවෙන් එල්.පී ගෑස් මෙට්‍රික් ටොන් 50ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 500ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 1200ක්, දැවි තෙල් මෙට්‍රික් ටොන් 2000ක ප්‍රමාණයක් පිරිපහදු කරනවා. එය මෙරටට අවශ්‍ය ඉන්ධනවලින් 30%කට ආසන්න ප්‍රමාණයක්. ජූනි 11 වැනිදා ඉන්ධන මිල වැඩිකරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියා. බැංකු දෙක ‍රැක ගැනීමට බලශක්ති අමාත්‍යවරයා කටයුතු කලා. නමුත් මේ වන විට ඉන්ධනත් නැති වී බැංකු 2ත් කඩා වැටී තිබෙනවා. බලශක්ති අමාත්‍යවරයා උත්සාහ දරන්නේ ඉන්ධන මිල වැඩි කිරීමට වඩා බැංකුවටත්, මුදල් අමාත්‍යවරයාටත් ඉඩ දීමටයි. 

රටේ ජනතාවට අවශ්‍ය භූමිතෙල් 100%ක් සපුගස්කන්ද පිරිපහදුවෙන් බදු නැතිව වරාය ගාස්තු නොමැතිව නිෂ්පාදනය කරනවා. සපුගස්කන්ද පිරිපහදුවේ වැඩ නැවතීමත් සමඟ භූමිතෙල් පිළිබඳ අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්. මෙරටට ආනයනය කරන ගුවන් යානා ඉන්ධන සඳහා ඩොලර් 15ක් වැනි අමතර ගෙවීමක් සිදුවනවා. නුදුරේ දීම ඉන්ධන පෝලිම් මෙරට ඇති විය හැකියි." යැයි ඛනිජ තෙල් වෘත්තීය සමිතියේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. මෙම ප්‍රකාශ 100%ක් විශ්වාසයෙන් යුතුව සිදු කරන බවයි ඔහු පවසන්නේ. 

මේ අතර ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවෙසිස් මොහොමඩ් මහතා ප්‍රකාශ කර සිටින්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නතර කල ද ඉන්ධන අඩුවකින් තොරව බෙදා හැරීමට කටයුතු කරන බවයි. 

බෙදා හැරීමට අවශ්‍ය තරම් ඉන්ධන තොග තිබෙන බව ඒ මහතා පවසනවා. ඩීසල් දින 12ක කාලයකට ද, පෙට්‍රල් දින 18ක් සහ 20ත් අතර කාලයකට ද ඊට අමතරව ඇණවුම් කල ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් ගුවන් යානා ලංකාවට ලැබෙමින් පවතින බවද ඒ මහතා ප්‍රකාශ කරනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu