gossiplanka alexa දශක හතරක කලා මෙහෙවරින් පසු විජේසේකරයන්ගේ නික්ම යාම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දශක හතරක කලා මෙහෙවරින් පසු විජේසේකරයන්ගේ නික්ම යාම

ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට දශක හතරකට අධික කාලයක් තිස්සේ මහත් මෙහෙවරක් ඉ‍ටුකල ලක්ෂ්මන් විජේසේකර මහතා පසුගිය 12 වන දින සිය ජීවිත ගමනට සමු දුන්නා. කලක් තිස්සේ රෝගාතුරව සිටි විජේසේකර මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා. 

මිය යන විට ඔහු 73 වන වියේ පසු වූවා. 

1948 උපන් විජේසේකර මහතා ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ 1975 වර්ෂයේ දීයි. ඔහු රංගන ශිල්පියෙකු ලෙසින්ද සිය ප්‍රතිභාව මනාවට ප්‍රකට කල කලාකරුවෙක්. රේඛා ටෙලි නාට්‍යයෙන් ඔහුගේ ප්‍රථම රංගන කුසලතාව හෙලිදැක්වූ අතර ඉන් පසු ගංගා සහ නිශ්ශංක, ඉර පායා, ද කැකුළු පාලා ආදී නාට්‍ය කිහිපයකම ප්‍රධාන චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන මතකයන් තැබීමට ඔහු සමත් වුණා. 

දැල් වූ පහන්, දෑත දෙපාලන ගිගිරි, සිනා පිපෙනා මේ වසන්තය, බාල ළමාවරුනේ, ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු, සුපෙම් හැඟුම් ඔබෙන් එපා, ඔබ මට තරුවකි ආදී ජනප්‍රිය ගීත ඇතුළුව ගීත 80කට ආසන්න සංඛ්‍යාවක් විජේසේකර කලා කරුවාණන් විසින් ගායන ක්ෂේත්‍රයට දායාද කර තිබෙනවා. 

එසේම ඔහු සංගීතඥයෙකු ලෙසින් ද වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ද කලා ක්ෂේත්‍රය තුල නමක් දරා සිටියා. ටී.බී ඉලංගරත්න ශූරීන්ගේ විලම්භීතටෙලි නාට්‍යයේ ත්, දඟයින්ට පමණයි ළමා ටෙලි නාට්‍යයේත් ටිකිරි සහ උංගි ටෙලි නාට්‍යයේත් සංගීත අධ්‍යක්ෂණය සිදු කලේ ලක්ෂ්මන් විජේසේකර කලාකරුවාණන් විසින්, 

අභාවප්‍රාප්ත ලක්ෂ්මන් විජේසේකර මහතාගේ අවසන් කටයුතු අද (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතයි. 

Lakshman wijesekara

Lakshman wijesekara

Lakshman wijesekara

Lakshman wijesekara

Lakshman wijesekara

Lakshman wijesekara




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu