gossiplanka alexa විදුලි සේවක වැඩ වර්ජන දිනය ගැන ඉදිරියේ දී තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලි සේවක වැඩ වර්ජන දිනය ගැන ඉදිරියේ දී තීරණයක්

විදුලි සේවක වැඩ වර්ජන දිනය ආරම්භ කරන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ කරන බව විදුලි බල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසනවා. එසේම යුගදනව් ගිවිසුමට විරුද්ධව ක්‍රියාත්මක කළ උද්ඝෝෂණය අතිශය සාර්ථක බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. 

" තෙල්, වරාය ඇතුළු ආයතන කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කළත්, විදුලිබල මණ්ඩලය එයට ඇතුළත් කර නොතිබෙන්නේ ඇතැම් විට විදුලි බල මණ්ඩලය මේ රටේ පාලනයෙන් ඉවත්කර වෙනත් රටකට ලබාදීමට හෝ නැතිනම් දැනටමත් හොර රහසේ විදුලිබල මණ්ඩලය විකුණා ඇති නිසා හෝ ඒ පිළිබඳව සැකයක් ඇති බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා තිබෙනවා. 

යුගදනව් බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණීම ඇතුළු ජාතික සම්පත් විකිණීමට රජය ගෙනයන වැඩසටහන හකුළා ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (03) තෙල්, වරාය සහ විදුලි සේවකයින් උද්ඝෝෂණයක නිරත වුණා. එම උද්ඝෝෂණය අවසානයේ දී විදුලි සේවක වැඩ වර්ජන දිනය ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණත් සහල්, ගෑස්, සීනි, කිරිපිටි, සිමෙන්ති ආදිය ලබාගැනීමට පෝලිම්වල සිටින අහිංසක ජනතාව ගැන සිතා ඔවුන් තවත් අසරණභාවයට පත්කිරීම කල නොහැකි බැවින් වැඩවර්ජනය දින කිහිපයක් ඇවෑමෙන් සිදු කිරීමට ඔවුන් තීරණය කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu