gossiplanka alexa 20-20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

20-20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

ක්තොබර් 17 වන දින ආරම්භ නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව නම් කරන ලද අවසන් 15 දෙනා අතරට අතිරේක ලැයිස්තුවේ සිටි ක්‍රීඩකයින් හතර දෙනෙකු එක් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. 

ලෝක කුසලාන තරඟාවලියට සහභාගිවීමට හැකියාව පවතින්නේ ක්‍රීඩකයින් 15 දෙනෙකු පමණක් වන නමුත් මූලික සංචිතයේ 15 දෙනාට අමතරව තවත් සිව් දෙනෙකු අතිරේක ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුවා. හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එයට පෙර සූදානමක් ලෙසින් තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙකු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරමින් 23 දෙනෙකු එක්සත් අරාබි එමීර් සහ ඕමාන් බලා පිටත් කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගනු ලැබීය.

ඕමානයට එරෙහි තරගාවලියේදී මස් පිඬු ඉරීයෑම හේතුවෙන් නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව ඇති නිසා සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියේදී ළහිරු මදුශංක බෙල්ල ආශ්‍රිත ආබාධයකට ලක්වීම නිසා එම ක්‍රීඩකයින් දෙදෙනා සංචිතයෙන් ඉවත් කිරීමට සිදුව තිබෙනවා. ඒ වෙනුවට බිනුර ප්‍රනාන්දු හා ළහිරු කුමාර සංචිතයට කැඳවා තිබෙනවා. එසේම කමිදු මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට පැතුම් නිස්සංක සහ අකිල ධනංජය සංචිතය වෙනුවෙන් නම් කර තිබෙනවා. 

 ශ්‍රී ලංකා කණ්ඩායම :

  • දසුන් ශානක - නායක
  • කුසල් ජනිත් පෙරේරා
  • දිනේෂ් චන්දිමාල්
  • ධනංජය ද සිල්වා - උප නායක
  • පැතුම් නිස්සංක
  • චරිත් අසලංක
  • අවිෂ්ක ප්‍රනාන්දු
  • භානුක රාජපක්ෂ
  • චාමික කරුණාරත්න
  • වනිඳු හසරංග
  • දුෂ්මන්ත චමීර
  • ළහිරු කුමාර
  • මහීෂ් තීක්ෂණ
  • අකිල ධනංජය
  •  බිනුර ප්‍රනාන්දු


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu