gossiplanka alexa නිදැල්ලේ සැරිසරන ඉන්දියානුවන් නිසා ලංකාව අනතුරක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිදැල්ලේ සැරිසරන ඉන්දියානුවන් නිසා ලංකාව අනතුරක

සංචාරකයින් සඳහා ගුවන් තො‍ටුපොළ විවෘත කිරීමත් සමඟම බොහෝ සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණෙමින් සිටින අතර ඉන් විශාල පිරිසක් ඉන්දියානුවන් වනවා. එසේ පැමිණෙන ඉන්දියානුවන් මෙරට තුළ දින 14ක් නිරෝධායනය කිරීමෙන් පසු මැදපෙරදිග රටවල් වෙත ගමන් කරමින් පවතිනවා. 

මෙරටට පැමිණෙන ඉන්දියානුවන් රට තුළ නිරෝධායන ක්‍රියාවලියට ලක් කරන්නේ කවුරුන් විසින්ද යන ගැටළුව පවතින බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. 

රට තුළට පැමිණෙන සංචාරකයින් රටින් පිටවන තුරු සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල දැඩි අධීක්ෂණයට ලක් කල යුතුව ඇති බවයි සභාපතිවරයා අවධාරණය කරන්නේ. 

මෙම සංචාරකයින් ඍජුවම සංචාරක මණ්ඩලය හරහා ඔවුන්ගේ ඒජන්තවරුන් විසින් ‍රැගෙන යන බවත් ඔවුන් දින කීයක් එහි ගත කරනවාද යන්න ගැන සෞඛ්‍ය අංශ කිසිම දෙයක් නොදන්නා බවත් උපුල් රෝහණ මහතා පවසනවා. 

මෙලෙස අනාරක්ෂිත අයුරින් සංචාරකයින් හැසිරීම රට තුළ තවත් ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වීමට හේතුවක් විය හැකි බවයි උපුල් රෝහණ මහතා අනතුරු අඟවන්නේ. 

එසේම ජෛව බුබුළු මෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසිවක් බිම් මට්ටමෙන් ක්‍රියාත්මක නොවන බවත් මෙවැනි සංකල්ප ක්‍රියාත්මකවන අවස්ථාවේ දී පවා ඩෙල්ටා ප්‍රභේදය පැතිර ගිය බවත් ඒ මහතා පෙන්වා දෙනවා. 

මෙම සංකල්පයන් ලංකාවේ ක්‍රියාත්මක නොවීමෙන් ඉදිරියේ දී මාරාන්තික කොවිඩ් අප්‍රිකානු ප්‍රභේදය පවා ලංකාවට ඇතුළු වීමේ අවදානමක් පවතින බවයි උපුල් රෝහණ මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu