gossiplanka alexa ඇඳිරි නීතිය පනවන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ, ජනාධිපති තීරණය සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීතිය පනවන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ, ජනාධිපති තීරණය සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම් දෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවක දී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ රට වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. 

වයස අවුරුදු 60ට වැඩි කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ කඩිනමින් සිදු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ දැනට පවතින තත්ත්වයන් අනුව කොවිඩ් මරණ සහ කෝවිඩ් ආසාදිතයින් අඛණ්ඩව වාර්තා වුවහොත් එළඹෙන ජනවාරි මස වන විට කොවිඩ් ආසාදිතයින් 18,000ක් පමණ මිය යනු ඇති බවයි. 

සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සකස් කල වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (12) භාර දී තිබුණා. මෙම වාර්තාවේ ඉහත දත්ත තොරතුරු සඳහන් වනවා. එසේම එම වාර්තාවෙන් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට නිර්දේශ කිහිපයක් ද ඉදිරිපත්කර තිබෙනවා. 

  • සුළු කාලයකට හෝ ඇඳිරිනීතිය පැනවීම
  • සංචරණ සීමා දැඩි කිරීම
  • දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීම
  • මහජන ඒකරාශී වීම් වැළැක්වීම
  • සියළුම මහජන උත්සව සති තුනකට තහනම් කිරීම
  • ඵලදායී සන්නිවේදන සේවාවන් මඟින් ජනතාව දැනුවත් කිරීම
  • සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කර ගැනීම 
  • ආසාදිතයින්ගේ මරණ සහ ආසාදිත ප්‍රමාණයන් ගැන තොරතුරු නිවැරදිව ලබා දීම
  • අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් මාත්‍රා ඉක්මනින් ලබා දීම

යන නිර්දේශයන් එම වාර්තාවේ ඇතුළත් වන බව සඳහන්. 

ආශ්‍රිත : අරුණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu