gossiplanka alexa ඩෙල්ටා ව්‍යාප්තිය පාලනයට චීනය අසමත් වෙයි, නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩෙල්ටා ව්‍යාප්තිය පාලනයට චීනය අසමත් වෙයි, නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

china delta covid strain spread rapidlyචීනයේ ඩෙල්ටා කොවිඩ් වෛරස ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් සිදුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට චීනයේ ප්‍රාන්ත 15ක ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තව ඇති බව සඳහන්. නැන්ජින් හි පිහිටි ලුකොව් ජාත්‍යන්තර ගුවන්තො‍ටුපොළට පැමිණි රුසියානු ගුවන් යානයක් හරහා මෙම ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වන්නට ඇතැයි සැක පළ කෙරෙනවා. 

සති තුනක් ඇතුළත ඩෙල්ටා ආසාදිතයින් දහසකට අධික පිරිසක් හඳුනාගෙන තිබෙනවා. මේ වන විට ඔවුන් වාසය කරන ප්‍රදේශවල දැඩි නිරෝධායන නීති සහ සංචරණ සීමා පනවා ඇති අතර පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම ද ඉහළ දමා ඇති බව සඳහන්. 

ඩෙල්ටා ව්‍යාප්තිය පාලනයට කඩිනම් ක්‍රියා මාර්ග නොගැනීම හේතුවෙන් වගකිවයුතු නිලධාරීන් 47 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමට චීන බලධාරීන් කටයුතු කරමින් සිටිනවා. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය පියවර වහා නොගන්නේ නම් චීනයේ සියළු ප්‍රාදේශීය නිලධාරීන්ට විනය ක්‍රියා මාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu