gossiplanka alexa ඉන්දියාවේ පැතිරෙන තවත් වෛරසයක් ගැන ලංකාවට අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ පැතිරෙන තවත් වෛරසයක් ගැන ලංකාවට අනතුරු ඇඟවීමක්

zika virus warningන්දියාවේ ව්‍යාප්ත වී ඇති 'සිකා' නම් වෛරසය ලංකාවට ද ඇතුල්වීමට ඉඩ ඇති බව වෛද්‍යවරු අනතුරු අඟවනවා. මෙම 'සිකා' වෛරසය ව්‍යාප්තවන්නේ මදුරුවන්ගෙන් වන අතර එය ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. 

උණ, ඇස් රතුවීම, ඇඟ රිදීම, හන්දි කැක්කුම, ඇතැම් අවස්ථාවක දද වැනි තත්ත්ව මතු වීම මෙම රෝගයේ රෝග ලක්ෂණ වනවා. 

'සිකා' රෝගය ඩෙංගු තරම්ම බරපතල රෝගයක් නොවන නමුත් මෙම වෛරසය ගැබිණි මව්වරුන්ට වැළඳුණොත් ලැබෙන දරුවන්ගේ මොළය කුඩා වීමේ තත්ත්වයක් පෙන්නුම් කළ හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. 

මදුරුවන්ගෙන් බෝවන මෙම රෝගය පුද්ගල ලිංගික සබඳතාවල දී එකිනෙකාට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ද ඇති බව සොයා ගෙන තිබෙනවා. 2016 වසරේ දී ඕස්ට්‍රේලියාව, ආජන්ටිනාව, ප්‍රංශය, ඉතාලිය, නවසීලන්තය සහ එක්සත් රාජධානිය යන රටවලින් මෙසේ ලිංගිකව මෙම වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් වාර්තා වී තිබෙනවා. 

උගන්ඩාවේ වනාන්තරය ආශ්‍රිතව 1947 දී මුලින්ම මෙම වෛරසය හඳුනාගනු ලැබුණා. ඒ වඳුරන් විශේෂයකට මෙම රෝගය ආසාදනය වී ඇති බව සොයා ගැනීමත් සමඟයි. ඉන්පසු  මෙම වෛරසය මදුරුවන් ආශ්‍රිතව සොයා ගනු ලැබුණා. සිකා වෛරසය මිනිසුන්ට ද ආසාදනය වී ඇති බව සොයා ගනු ලැබූයේ 1952 වර්ෂයේදියි. මෙසේ අප්‍රිකානු රටවල් අතර පැතිරගිය වෛරසය ක්‍රමයෙන් ආසියානු රටවල්  වෙත ද ව්‍යාප්තවී තිබෙනවා. 

දකුණු අමෙරිකානු රටවල්වල ද මෙම සිකා වෛරසය ආසාදිතයින් මේ වන විට සොයා ගෙන ඇති බව සඳහන්. 

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, මදුරුවන්ගේ දෂ්ඨ කිරීම් වලින් වැළකී සිටීමට ක්‍රියා කිරීම වැනි ක්‍රම මඟින් මෙම රෝගය ඩෙංගු ලෙසම මර්දනය කළ හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩි දුරටත් පවසනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu