gossiplanka alexa ඔන්ලයින් ඉගැන්වීමෙන් ගුරුවරුන් ඉවත්වෙයි, ස්වේච්ඡාවෙන් පිරිසක් දරුවන් වෙනුවෙන් උගන්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔන්ලයින් ඉගැන්වීමෙන් ගුරුවරුන් ඉවත්වෙයි, ස්වේච්ඡාවෙන් පිරිසක් දරුවන් වෙනුවෙන් උගන්වයි

ද (12) සිට මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කල ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා. 

ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමය සහ විදුහල්පති සේවා සංගමය ඇතුළු ගුරු වෘත්තීය සමිති 11ක් අද සිට මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ ඇත්තේ සිය ගුරු සංගම් නියෝජිතයින් අනීතික ලෙස නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්. 

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුලු පිරිසක් පසුගියදා අත් අඩංගුවට ගනු ලැබුවේ කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයේ නිරත වූ අවස්ථාවේදීයි. අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඔවුන් මේ වන විට මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට යොමු කර සිටිනවා. 

ඔවුන් වහාම කැඳවන ලෙස ඉල්ලා මෙලෙස වෘත්තීය සමිති සිය විරෝධතාව පල කරනවා. 

කෙසේ වෙතත් මෙවන් වසංගත තත්ත්වයක් හමුවේ දරුවන්ගේ අධ්‍යාපනයට බාධා කිරීම කාලෝචිත නොවන බව පවසා සිසුන් වෙනුවෙන් ඇතැම් ගුරුවරු ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එම ගුරුවරුන් ස්වේච්ඡාවෙන්ම සිසුන්ට ඉගැන්වීමට ඉදිරිපත් වීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu