gossiplanka alexa ගිනිගත් නෞකාවේ ද්‍රව්‍ය නිසා මාරාන්තික වෛරසයක් ලංකාවට ඒමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගිනිගත් නෞකාවේ ද්‍රව්‍ය නිසා මාරාන්තික වෛරසයක් ලංකාවට ඒමේ අවදානමක්

india-virus-risk-perlexpress-goods
ගිනිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් පාවී ආ ද්‍රව්‍ය ‍රැගන ගිය පුද්ගලයින් අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. 

මෙම නැවෙහි තිබූ පවී ආ කන්ටේනර් ඉන්දියාවේ සිට පැමිණි ඒවා විය හැකි බැවින් ඉන්දියාවේ පැතිරයන මාරාන්තික වෛරස් ප්‍රභේදය ශරීරයට ඇතුළුවීමට වැඩි අවදානමක් පවතින නිසා එම ද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින ලෙස මුහුදු හා නාවික නීතිය පිළිබඳ විශේෂඥ ආචාර්ය ඩෑන් මාලිත ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර නැවේ පිපීරිමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. 

පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් මුහුදට වැ‍ටුණු භාණ්ඩ දික්ඔය, හලාවත අතර සහ වැල්ලවත්ත, පානදුර අතර වෙරළ තීරයට ගසාගෙන ඒමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. මේ වන විට එම භාණ්ඩ දුන්ගාල්පිටියේ සිට මීගමුව, කුඩාපාඩුව මුහුදු වෙරළ දක්වා තැනින් තැන ගොඩ ගැසෙමින් ඇති බවයි සඳහන් වන්නේ. 

දුන්ගාල්පිටිය මුහුදු වෙරළට වැඩිපුරම ගොඩ ගසා ඇත්තේ පොලිතීන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පොලිඑතලින් අමුද්‍රව්‍යයයි. කිලෝ 25 ඇසුරුම් වශයෙන් ගොඩගසා තිබූ පොලිඑතලින්  මලු ප්‍රදේශවාසීන් විසින් ‍රැගෙන ගොස් තිබුණා. 

එසේම චොකොලට්, නූඩ්ල්ස් වැනි ආහාර ද්‍රවය ද රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් ද මුහුදු වෙරළට ගොඩ ගසා තිබුණා. 

පමුණුගම සිට මීගමුව දක්ව මුහුදු වෙරළ තීරයේ තැනින් තැන පිලිස්සී ගිය ප්ලාස්ටික් කොටස්, පොලිඑතලීන් කොටස් ගොඩගැසෙමින් පවතින අතර මේ වන විට මෙම රසායනික ද්‍රව්‍ය වඩදිය සමඟ මීගමුව කලපුව තුළට ගලා එමින් පවතිනවා. 

විෂ රසායනික ද්‍රව්‍ය නිසා ධීවර කර් මාන්තයට ඉතා අවදානම් තත්ත්වයක් මතුව ඇති බව සඳහන්. 




 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu