gossiplanka alexa පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගිනි ගැනීමට හේතුව පිළිබඳ සමාගම් ප්‍රධානියාගෙන් හෙළිදරව්වක්, අම්ල වැසි ඇති වීමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගිනි ගැනීමට හේතුව පිළිබඳ සමාගම් ප්‍රධානියාගෙන් හෙළිදරව්වක්, අම්ල වැසි ඇති වීමේ අවදානමක්

reveal-perl-express-ship-fire-reason
කොළඹ වරායට ආසන්නයේ ගිනි ගනිමින් පවතින MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්පූර් ණයෙන් පාලනය කිරීමට මේ දක්වාත් හැකියාව ලැබී නැහැ. 

මේ වන විට මෙම නෞකාව දකුණු දෙසට ඇලවී ඇති බවත් ඉදිරි පැය කිහිපයේ දී නෞකාව මුහුදුබත් වීමට වැඩි ඉඩකඩක් ඇති බවත් සාගර විශේෂඥයින් පෙන්වා දෙනවා.

 එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර් 1486ක් පැවති අතර එහි නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු වී තිබෙනවා. මෙම රසායනික ද්‍රව්‍ය බහාලූ කන්ටේනර් නිසි පරිදි ගබඩා නොකිරීම හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබෙන බවයි එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා පවසන්නේ. 

නෞකාවේ විෂ රසායනික ද්‍රව්‍ය ඇති බැවින් මුහුදට වැටෙන ද්‍රව්‍ය ස්පර් ෂ කිරීමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියා හේතුවෙන් දිගුකාලීන ගැටළු මතුවිය හැකි බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. 

නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව විශාල වශයෙන් පිටවීම නිසා යම් හෙයකින් අම්ල වැසි තත්ත්වයක් ඇති විය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර් ශනී ළහඳපුර පවසනවා. 

මේ අතර එක්ස්ප්‍රස් පර් ල් නෞකාව අයත් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර් තා කර ඇත්තේ මෙම ගින්නට හේතුව රසායනික ද්‍රව්‍ය කාන්දුවක් බවයි. මෙම නෞකාව්වේ රසායනික ද්‍රවය කාන්දුවන බව එහි සේවකයින් පළමු වරට දැක ඇත්තේ ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහසකට ඈතින් පිදිටි අරාබි මුහුදුදේදීය. එහිදී නෞකාවේ කපිතාන්වරයා කටාර් හි හමාඩ් වරාය සහ ඉන්දියාවේ හසීරා වරාය යන වරායන් දෙකකින් නෞකාවට ඇතුළුවීමට අවසර ඉල්ලා තිබුණත් එම රටවලින් ඒ සඳහා අවසර ලබා දී නැහැ. ඒ අනුව ඊට ආසන්නම වරාය වන ශ්‍රී ලංකාවට නෞකාව ඇතුළු වී තිබෙනවා. 

නෞකාවේ ගින්නක් ඇති වීමේ අවදානමක් මතුව තිබූ  බවත් ඉන්දියාවේ හෝ කටා ර් රාජ්‍යයේ වරායන් වලින් නෞකාවට ඇතුළු වීමට ඉඩක් ලැබුණානම් මෙවැනි ඛේදවාචකයක් ඇති වීමට ඉඩ නොතිබූ බවත් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා පවසනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu