gossiplanka alexa විෂ සහිත පොල්තෙල් වෙනුවට ප්‍රමිතියෙන් යුත් පොල්තෙල් - කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විෂ සහිත පොල්තෙල් වෙනුවට ප්‍රමිතියෙන් යුත් පොල්තෙල් - කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

විෂ සහිත පොල් තෙල් දිවයින පුරා බෙදා හැර ඇති බවට වූ කතාව සම්බන්ධයෙන් ඉතා උණුසුම්කාරී තත්ත්වයක් පවතින අවස්ථාවක දේශීය නිෂාපාදකයින් දිරිගැන්වීමේ අරමුණින් පොල්තෙල් ආනයනය කිරීම වෙනුවට මෙරට තුළම පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය වශයෙන් විජලනය කරන ලද කුරුවිට සහිත පොල් ගෙන්වීමට රජය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ඉන්දියාව, ඉන්දුනීසියාව,වියට්නාමය, පිලිපීනය යන රටවලින් වලින් කුරුවිට සහිත පොල් මෙරටට ගෙන්වා දේශීයව පොල්තෙල් නිෂ්පාදනය කිරීමට නියමිත බව සඳහන් වනවා.

මීට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන අතර තාක්ෂණික කමි‍ටු වාර්තාවෙන් අනතුරුව නුදුරේ දීම ටෙන්ඩර් කැඳවන බව පොල් සංවර්ධන අධිකාරියේ සැකසුම් සංවර්ධන අධ්‍යක්ෂ පියසේන එදිරිමාන්න මහතා පවසනවා. 

වසරක දී මෙරට භාවිතා කරන පොල්තෙල් මෙට්‍රික් ටොන් 180,000න් ආහාර සඳහා මෙට්‍රික් ටොන් 90,000ක් භාවිතා කරන නමුත් දැනට දේශීයව නිපදවන පොල්තෙල් වලින් සපුරා ගත හැක්කේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණක් බව සැකසුම් සංවර්ධන අධ්‍යක්ෂකවරයා පවසනවා. ඉතිරි මෙට්‍රික් ටොන් 50,000 ආනයනය කිරීමට සිදුවන බවයි ඔහු පවසන්නේ.

එසේ හෙයින් මෙලෙස ආනයනය කිරීමට සිදුවන මෙට්‍රිල් ටොන් 50,000ක පොල්තෙල් ප්‍රමාණය දේශීයව නිපදවා ගැනීමට අවශ්‍ය කුරුවිට සහිත පොල් ගෙන්වීමටයි යෝජනා වී ඇත්තේ. එමඟින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් දිරි ගැන්වීමටත් නිසි ප්‍රමිතියකින් යුත් පොල්තෙල් ලබා ගැනීමටත් බලාපොරොත්තුවනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu