gossiplanka alexa විෂ සහිත බවට සැක පොල් තෙල් බවුසර දෙක රේගුවටම භාර දීලා, නියෝග දුන්නේ කවුද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විෂ සහිත බවට සැක පොල් තෙල් බවුසර දෙක රේගුවටම භාර දීලා, නියෝග දුන්නේ කවුද ?

දිරිසිංහ එඩිබල් ඔයිල් පුද්ගලික සමාගමට අයත් පිළිකා කාරක අඩංගු බවට සැක පොල්තෙල් බවුසර් දෙකක් දංකො‍ටුවේ කර්මාන්තශාලාවක සඟවා තිබිය දී සොයා ගැනීමට පොලිසීය සමත් වුණා. 

එම බවුසර් දෙක අත් අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කල අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ බවුසර් අධිකරණ භාරයේ තබා රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසයි.

නමුත් එලෙස ලබා දුන් අධිකරණ නියෝග නොතකා පොලීසිය විසින් ඊයේ (31) එම බවුසර් දෙක පොලිස් ආරක්ෂාව සහිතව නැවත රේගුවට භාර දීමට පියවර ගෙන තිබුණා.

නඩුව ඊයේ (31) පස්වරුවේ අනෙවත මාරවිල අධිකරණය විසින් කැඳවූ අවස්ථාවේ දී දංකො‍ටුව පොලීසිය කියා සිටියේ පොලිස් නීති කොට්ඨාශයේ උපදෙස් මත බවුසර් දෙක නැවත ශ්‍රී ලංකා රේගුවට භාර දුන් බවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් අසා ඇත්තේ පොලීසිය ක්‍රියාත්මක කරන්නේ අධිකරණ නියෝග ද නැතිනම් පොලිස් නීති කොට්ඨාශ නියෝග ද යන්නයි. මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙසක් ද ලබා ගෙන නොමැති අතර මහේස්ත්‍රාත්වරයා දංකො‍ටුව පොලීසියට දැඩිලෙස අවවාද කර ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ලෙස පවසා තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu