gossiplanka alexa මහා පරිමාණයක ඖෂධ වංචාවක් ගැන තොරතුරු හෙළිදරව්වක්, අඩු මිල ඖෂධ වැඩි මිලට ගෙන්වූයේ කවුද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහා පරිමාණයක ඖෂධ වංචාවක් ගැන තොරතුරු හෙළිදරව්වක්, අඩු මිල ඖෂධ වැඩි මිලට ගෙන්වූයේ කවුද ?

ප්‍රතිජීවක ඖෂධයක්වන Flucloxacilline ඖෂධය සම්බන්ධයෙන් සහ 'හෙර්ටිකඩ්' වෙළඳනාමය යටතේ 'ට්‍රස්ටසුමබ්' පිළිකා ඖෂධය මෙරටට ආනයනය කිරීමේ දී සිදුකර ඇති වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණ කොමිෂන් සභාව ලබා දී ඇති නිර්දේශවලට අනුව ක්‍රියාත්මක වන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට දන්වා තිබෙනවා. 
 
එම වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා.


මෙම වාර්තාව ලබා දී ඇත්තේ 2015.01.15 දින සිට 2018.12.31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳව සොයා බැලීම් සඳහා පත් කල ජනාධිපති කොමිෂන් සභාව විසින්. 

වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂවිසින් සීමිත ලංසු කැඳවීම තුලින් Flucloxacilline ප්‍රතිජීවක ඖෂධ කරල් 25,000,000 ක් සපයන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉල්ලා තිබුණා. එහි එක් කරලක මිල ලෙස රුපියල් 9ක්ලෙස ගණනය වී තිබූ අතර මුළු වටිනාකම රුපියල් 225,000,000 ක් ලෙස ගණනය කර තිබුණා. නමුත් පරීක්ෂණ වාර්තා වලට අනුව එම එක් කරලක් රුපියල් 4.50කට මිලදී ගැනීමට හැකිව තිබුණු බව අනාවරණය වී තිබෙනවා.

එසේම මිලිග්‍රෑම් 500කරල් 7,500,000ක ප්‍රමාණයක් වහාම සපයන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දන්වා තිබුණා. එහිදී තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය සිතාමතාම මඟ හරිමින් එක් කරලක මිල රුපියල් 26ක් ලෙස ගණනය කර මුළු ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන 195ක් බවට ගණනය කිරීම්වල සඳහන් වුණා. නමුත් එක් කරලක් රුපියල් 7.50ක වැනි සුළු මුදලකට සපයාගත හැකිව තිබූ බවත් සීමිත ලංසු කැඳවීමක් සිදු කරන ලෙස ඉල්ලීමට නිසි නීත්‍යනුකූල බලයක් වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂකට නොමැති බවත් පරීක්ෂණ වාර්තාවේ දක්වා තිබෙනවා.

ඒ අනුව අඩු මිලට ගණන් ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුවන් ඉවත් කර වැඩි මිලට මිල ගණන් ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුවන්ට ටෙන්ඩරය පිරිනමා තිබීම නිසා Flucloxacilline මිලිග්‍රෑම් 250 ඖෂධයෙන් කරල් මිලියනයක් ද මිලිග්‍රෑම් 500 ඖෂධයෙන් කරල් මිලියන 3,750,000ක් ද ගෙන්වීම නිසා ශ්‍රී ලංකා රජයට ආසන්න වශයෙන් රුපියල් 42,185,000ක ප්‍රමාණයක අලාභයක් සිදු වී ඇති බව වාර්තාවේ වැඩි දුරටත් පෙන්වා දෙනවා.

එසේම ගුණාත්මක භාවය පිළිබඳව කිසිදු සැලකිල්ලක් සිදු නොකොට පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා වූ 'හෙර්ටිකඩ්' ඖෂධයේ මිලිග්‍රෑම් 440 ප්‍රමාණයෙන් වෑල්ස් 5000ක් ආනයනය කිරීම සඳහා රුපියල් 720,500,000ක මුදලක් වැය කර තිබෙනවා. මෙම ඖෂධය ගෙන්වීම සඳහා තාක්ෂණික ඇගයීම් කමි‍ටුවේ සමාජිකයින් විරුද්ධ වී ඇති බවත් එම ඖෂධයේ ගුණාත්මක භාවය සෙවීම සම්පූර්ණයෙන් ඉවත දමා ඇති බවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඉහත ඖෂධ වංචාවන්ට අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් හා ආයතන සම්බන්ධයෙන් සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බව නීරික්ෂණය වන බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකර එම නිර්දේශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර සුදුසු පරික්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu