gossiplanka alexa අයාලේ යන බලු ‍රැලකට මැදි වූ පළමු ශ්‍රේණියේ සිසුවා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයාලේ යන බලු ‍රැලකට මැදි වූ පළමු ශ්‍රේණියේ සිසුවා

යාලේ යන බලු රංචුවක් විසින් පළමු ශ්‍රේණියේ පාසැල් සිසුවෙකු සපා කෑමේ සිද්ධියක් මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වනවා. 

මෙම දරුවා පාසැල් භූමියේ සෙල්ලම් කරමින් සිටින අතරතුර අයාලේ යන බල්ලන් කිහිපදෙනෙකු විසින් ඔහුව සපා කා ඇති අතර ඒ අවස්ථාවේ දී පාසල අසල ඇති ක්‍රීඩාංගනයේ සේවය කරන සේවකයින් කිහිපදෙනෙකු පැමිණ මහත් පරිශ්‍රමයක් දරා දරුවා බේරාගෙන තිබෙනවා. ඉන්පසු විද්‍යාලයේ ගුරුවරුන් විසින් දරුවා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. 

බල්ලා සපා කෑම නිසා දරුවාගේ ශරීරය පුරා තුවාල ‍රැසක් ඇති වී තිබෙනවා. දරුවා බේරාගැනීමට සිදු කල පහර දීම්වල දී එක් සුනඛයෙකු මරණයට පත්ව ඇති බව සඳහන්.  

පාසැල් භූමියේ අයාලේ යන බල්ලන් පිළිබඳව අවස්ථා කිහිපයක දී අදාළ අශ දැනුවත් කර ඇති බවත් මෙම සිද්ධිය සිදු වී ඇත්තේ විවේක කාලයේ දී බවත් විද්‍යාලයේ විදුහල්පතිවරිය පවසනවා. එසේම පාසැල් භූමියට පිටතින් බල්ලන් ගැවසීම බහුලව ඇති බවත් මේ පිළිබඳව අදාළ ආයතන යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් ඇය පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu