gossiplanka alexa පොලිස් කොස්තාපල් අමානුෂික ලෙස රියදුරුට පහර දුන්නේ ඇයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලිස් කොස්තාපල් අමානුෂික ලෙස රියදුරුට පහර දුන්නේ ඇයි ?

න්නිපිටිය ප්‍රදේශයේ දී ලොරි රථ රියදුරෙකුට පොලිස් කොස්තාපල්වරයෙකු අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. 

එම ලොරි රථ රියදුරා එලෙස අමානුෂික ලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඔහු විසින් මහරගම රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන ස්ථානාධිපතිවරයාව අනතුරකට ලක් කිරීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ. පන්නිපිටිය ගුවන් පාලම අසල කහ ඉර ආසන්නයේ රාජකාරියේ නිරතවෙමින් සිටි රථවාහන ස්ථානාධිපතිවරයා මෙම රියදුරා විසින් ධාවනය කල ලොරියෙන් අනතුරකට ලක් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී එකි කොස්තාපල්වරයා රියදුරාගෙන් එම වැ‍රැද්දට පලි ගැනීමක් ලෙස ඔහුට පහර දී ඇති අතර රියදුරා බිම වැටෙන අවස්ථාවේ දී ඔහුගේ ඇඟ මතට පැළඳ සිටි සපත්තු පිටින් එකවරම උඩ පැන පයින් පහර දීමක් සිදු කර තිබෙනවා. මෙම දර්ශනය එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදා හැරීමෙන් අනතුරුව බොහෝ කතා බහ ඇති වුණා.

සිද්ධිය වන විට අනතුරට සම්බන්ධ ලොරිය හපුතලේ සිට දෙහිවලට භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබුණා. 

සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශන සිදු වූ අතර පහරදුන් පොලිස් කොස්තාපල්වරයාගේ සේවය මේ වන විට අත් හි‍ටුවා තිබෙනවා. අනතුර සිදු කළ ලොරි රථ රියදුරු හපුතලේ ලෝ ඩිවිෂන් පිටරත්මලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අත් අඩංගුවට ගැනුනු ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

අනතුරට පත් රථවාහන ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ පපු පෙදෙසට බරපතල හානි සිදුව ඇති බැවින් තත්ත්වය තරමක් බරපතල බව ද පැවසෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu