gossiplanka alexa උත්සවසමයේ මුදල් නෝට්‍ටු ජාවාරමක්, ඔබේ ළඟ ඇති මුදල් නෝට්‍ටුවල මේ ආරක්ෂණ සලකුණු තිබෙනවා ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උත්සවසමයේ මුදල් නෝට්‍ටු ජාවාරමක්, ඔබේ ළඟ ඇති මුදල් නෝට්‍ටුවල මේ ආරක්ෂණ සලකුණු තිබෙනවා ද?

ත්සව සමයේ දී ව්‍යාජ මුදල් නෝට්‍ටු භාවිතා කිරීමේ ජාවාරමක් ඇති බව පොලීසිය පවසනවා.

ඒ හේතුවෙන් මුදල් නෝට්‍ටු පරිහරණයේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි පොලීසිය අවධාරණය කරන්නේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව හැර වෙනත් ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු සහ කාසි ව්‍යාජ මුදල් ලෙස සලකනු ලබනවා.

ව්‍යාජ නෝට්ටු මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සියලු ම මුදල් නෝට්ටු ඉතා උසස් ආරක්ෂණ සලකුණු ඇතුළත් කරමින් මුද්‍රණය කරනු ලබන අතර ව්‍යවහාර මුදල් නෝට්ටුවක දැකිය හැකි ප්‍රධාන ආරක්ෂිත සලකුණු වනුයේ


ආරක්ෂණ නූල
දිය සලකුණ
විනිවිද පෙනෙන සලකුණු
නෝට්ටු මුද්‍රිත කඩදාසිය
උස් වූ මුද්‍රණ  (Intaglio Printing)
ක්ෂුද්‍ර අක්ෂර
වැර ගැන් වූ කොන් සහිත දිය සලකුණ ආදියයි

1. ආරක්ෂණ නූල

(අ) රුපියල් 500, 1000 සහ 2000 නෝට්ටුවල රිදී පැහැති කඩඉරක් ආකාරයෙන් නෝට්ටුවටම අන්තර්ගත වන සේ ආරක්ෂණ නූල යොදා ඇති අතර නෝට්ටුව ආලෝකයට හොඳින් නිරාවරණය කොට ආරක්ෂණ නූල දෙස බැලූවිට එය අඛණ්ඩ සිරස් රේඛාවක් සේ පෙනේ. මෙම නූල ‘ස්ටාර් ක්‍රෝමි’ නමින් හඳුන්වන අතර 2006 වර්ෂයෙන් පසුව මුද්‍රිත නෝට්ටුවල අන්තර්ගත වේ. මෙය රුපියල් 500 නෝට්ටුවේ මි.මී 3 ක් හා රුපියල් 1000 නෝට්ටුවේ මි.මී 4 ක් පළලින් යුක්ත වන අතර වෙනස් වන වර්ණ වලින් යුක්තය. නෝට්ටුව ඉහළ පහළ කරමින් ආරක්ෂණ නූල දෙස බැලූ විට වරෙක රතු පාටින් ද, වරෙක කොළ පාටින් ද වර්ණය වෙනස් වෙමින් පෙනේ.

(ආ) 2002 – 2005 දක්වා වර්ෂවල නිකුත් කරන ලද රුපියල් 500 නෝට්ටුවල ආරක්ෂණ නූල මත ලෝහ කොටස් ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඩේසි මල් මෝස්තරය අඩංගු කර ඇති අතර රුපියල් 1000 ‍නෝට්ටුවේ කුඩයක වියමනකට සමාන මෝස්තරයක් අඩංගු කර ඇති බව දැකිය හැක.

(ඇ) 1987 – 2001 දක්වා වර්ෂවල නිකුත් කරන ලද රුපියල් 1000 සහ 500 ‍නෝට්ටුවල යොදා ඇති ආරක්ෂණ නූල ‘ස්ටාර් ඩස්ට්’ නමින් හැඳින්වේ.

(ඈ) රුපියල් 10, 20, 50 සහ 100 වටිනාකම් සහිත නෝට්ටුවල “CENTRAL BANK OF SRI LANKA” යන පාඨය සහ නෝට්ටුවේ අදාළ වටිනාකම ක්ෂුද්‍ර අක්ෂරයෙන් නූල දිගේ මුද්‍රණය කරන ලද සිහින් පොලිසියෙස්ටර් පටියක් සේ ආරක්ෂන නූල යොදා ඇත.

2. දිය සලකුණ

නෝට්ටුව ආලෝකයට නිරාවරණය කොට දිය සලකුණ බැලීමේදී සිංහයකුගේ රුවක් නෝට්ටුවේ දෙපැත්තෙන්ම ඉතා පැහැදිලිව දෘෂ්‍යමාන වේ. මෙතෙක් ආකාර තුනක දිය සලකුණු හඳුන්වාදී ඇත.

(අ) 1995.11.15 දාතම සහිතව සහ ඉන්පසු නිකුත් කරන ලද නෝට්ටුවල ජාතික කොඩියේ දැක්වෙන සිංහ රූපය යොදා ඇති අතර සිංහයාගේ කඩුව විශේෂයෙන් කැපී පෙනෙන සේ දක්වා ඇත.

(ආ) 1987.01.01 න් පසුව නිකුත් කරන ලද නෝට්ටුවල ජාතික කොඩියේ සිංහ රුව යොදා ඇත.

(ඇ) 1987.01.01 දක්වා නිකුත් කරන ලද නෝට්ටුවල රත්නපුර දිසාවේ කොඩියේ අඩංගු සිංහ රුව දැකිය හැකිය.

3. විනිවිද පෙනෙන සලකුණ

නෝට්ටුව ආලෝකයට නිරාවරණය කර බැලීමේදී නෝට්ටුවේ ඉදිරිපස සහ පිටුපස එක් ස්ථානයක මුද්‍රණය කර ඇති හැඩතලයන් එකිනෙකට සමපාතීව පෙනෙනු ඇත.

4. උස්වූ මුද්‍රිත

නෝට්ටුව ඇඟිලි තුඩු මගින් ස්පර්ශ කළ විට “ශ්‍රී ලංකා මහ බැංකුව” නමැති අක්ෂර සහ ඒ ආසන්නයේ ඇති උස් වූ මුද්‍රිත හොඳින් දැනේ. එමෙන්ම නෝට්ටුව 100% ක් ම කපුවලින් නිෂ්පාදිත බැවින් එහි ඇති රළු ගතියද ඇඟිලිවලට පහසුවෙන් දැනේ.

5. බහු ස්ථර සැඟවුණ සලකුණ

නෝට්ටුවේ මුහුණත පැත්තේ මෝස්තරයක් තුළ සැඟවී ඇති එහි වටිනාකම සඳහන් ඉලක්කම් නෝට්ටුව ඇස් මට්ටමින් තිරස්ව ඉහළ පහළ කර බැලීමේදී දෘෂ්‍යමාන වේ.

6. ක්ෂුද්‍ර අක්ෂර


විශාලන කාචයක් තුළින් නෝට්ටුවේ ඉදිරිපස උඩ කොටස බැලීමේදී ඉතා කුඩාවට මුද්‍රිත ““CENTRAL BANK OF SRI LANKA” යන අක්ෂර පැහැදිලිව පෙනේ.

7. වැර ගැන් වූ කොන්

නෝට්ටුව ආලෝකයට යොමු කොට එහි කොන් සතර නිරීක්ෂණය කරන්න. 2005 වර්ෂයෙන් පසුව නිකුත් කරන ලද රුපියල් 500, 1000 සහ 2000 නෝට්ටුවල නෝට්ටුවේ කොන් සතරේ විකර්ණ ලෙස ගමන් කරන්නා වූ ඉරි කීපයක් තිබෙනු දැකිය හැකිය. මෙය ‘වැර ගැන්වූ කොන්’ නමැති දිය සළකුණයි.

මුදල් ගණුදෙනුවකදී ව්‍යාජ යැයි සැක සහිත නෝට්ටුවක් ඔබ අතට පත් වුවහොත් ක්‍රියා කළ යුතු ආකාරය
 

1. ව්‍යාජ මුදල් නෝට්ටුවක් යැයි සැක සිතන නෝට්ටුව සැබෑ මුදල් නෝට්ටුවක්යැයි ඔබ දන්නා නෝට්ටුවක් සමඟ සසඳා බලන්න.
     -  ආරක්ෂණ සලකුණු වැඩි ප්‍රමාණයක් හොඳින් විමසා බලන්න.
     -  ව්‍යාජ මුදල් නෝට්ටුවක් යැයි සැක සිතන නෝට්ටුව රඳවා තබාගන්න.

2. ව්‍යාජ මුදල් නෝට්ටුව රැගෙන ආ පුද්ගලයා (පුද්ගලයන්) පිළිබඳ විස්තර සටහන් කර ගන්න.
     -  බාහිර පෙනුම
     -  වාහනය පිළිබඳ තොරතුරු
     -  එම පුද්ගලයා අවසන් වරට දුටුවේ කිනම් ස්ථානයක දී ද යන්න

3. නෝට්ටුව පිළිබඳ විස්තර සටහන් කර ගන්න.
     -  වටිනාකම
     -  අනුක්‍රමික  අංකය

4. ලඟම ඇති පොලිස් ස්ථානයට දන්වන්න.
     -  වහාම දුරකථන අංක 0112422176 හෝ 0112326670 ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකයට හෝ ලඟම ඇති පොලිස් ස්ථානයට දන්වා ඔවුන්ගේ උපදෙස් පිළිපදින්න.

 ආශ්‍රිත 'සිළුමිණ' සහ 'මහ බැංකුව' වෙබ් අඩවි




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu