gossiplanka alexa මහ මැතිවරණය පැවැත්වීමට බාධාවක් නැති බව සෞඛ්‍ය අංශයෙන් තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහ මැතිවරණය පැවැත්වීමට බාධාවක් නැති බව සෞඛ්‍ය අංශයෙන් තීරණයක්

https://www.gossiplanka.com/2020/05/no-obstacle-to-general-election.html
කොරෝනා ව්‍යාප්තිය ඉතා ක්‍රමවත්ව පාලනය කිරීමත් සමඟම බාහිර සමාජය තුළ කොරෝනා වෛරස පැතිරයාම මේ වන විට ඉතා අඩු අවදානමක පවතිනවා. ඒ හේතුව නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබෙනවා.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශයක් සිදු කරමින් මේ බව දැනුම් දෙනවා. මේ වන විට රටේ ඉතාමත් යහපත් තත්ත්වයක් පවතින බවත් පසුගිය අප්‍රේල් 30 වනදායින් පසුව බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවුණ බවත් ඇමතිවරිය පවසා සිටියා.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් පමණක් මේ වන විට කොරෝනා රෝගීන් වාර්තා වන බවත් ඔවුන්ගෙන් සමාජය තුළ මෙම වෛරසය පැතිරීමක් සිදු නොවන බවත් අමාත්‍යවරිය වැඩි දුරටත් කියා සිටිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu