gossiplanka alexa වසංගතය අවසන් වන තෙක් මැතිවරණය කල් දැමීම කළ නොහැකියි - මැ.කො

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසංගතය අවසන් වන තෙක් මැතිවරණය කල් දැමීම කළ නොහැකියි - මැ.කො

https://www.gossiplanka.com/2020/05/election-commissioner-request.html
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් දිනෙන් දින කල් යන මහ මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමා අදහස් දක්වා තිබෙනවා. කොමසාරිස්වරයා කියා සිටින්නේ කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් මැතිවරණය පැවැත්වීමට බලා සිටීම කළ නොහැකි කාරණයක් බව යි.

ඒ හේතුවෙන් කොමසාරිස්වරයා මැතිවරණයට තරග කරන පක්ෂ වලට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ කොවිඩ් - 19 වසංගතය පාලනය කර ඇති තත්ත්වයන් යටතේ මහ මැතිවරණය පැවැත්වීමට සියළු දෙනාගේ අදහස් සහ යෝජනා ලබා දෙන ලෙසයි. එහිදී මැතිවරණය පවත්වන්නේ කෙසේද යන්න අදහස් ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

එම අදහස් සහ යෝජනා සියල්ල ලබන 31 වෙනිදාට පෙර තමන් වෙත ලිඛිතව ලබා දෙන ලෙස කොමසාරිස්වරයා වැඩි දුරටත් එම ලිපියෙන් ඉල්ලා සිටිනවා.

එසේම එළඹෙන මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇති අතර සෞඛ්‍ය බලධාරීන් සහ  මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් අතර සාකච්ඡාවක් හෙට (25) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu